SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ඉදිරි ජනාධිපතිවරණය සඳහා ජාතික අපේක්ෂකයා ලෙස එක්සත් ජාතික පක්ෂ නායක

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් කිරීමට එජාප කළමනාකරණ කමිටුව ඊයේ  (9) ඒකමතිකව තීරණය කර ඇතැයි වාර්තාවක කියැවේ.

 

සඳහන් කෙරෙන ආකාරයට ලබන සැප්තැම්බරයේ ජනාධිපතිවරණය පවත්වා අනතුරුව මහ මැතිවරණය පැවැත්වීමටද එජාප කළමනාකරණ කමිටුවේදී තීරණයට එළැඹ ඇත.

එක්සත් ජාතික පක්ෂ නායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ ප්‍රධානත්වයෙන් කොළඹ දී එජාප කළමනාකරණ කමිටුව රැස්ව ඇති අතර එජාප නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන සභාපති වජිර අබේවර්ධන ප්‍රමුඛ එජාප නායකයෝ මෙම අවස්ථාවට සහභාගී වී යැයි ද වාර්තා වේ.

 

කෙසේ වුවද slleader අපගේ වෙබ් අඩවිය දිගින් දිගටම පැවසුවේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ජනපති සටනට නොඑන බවය.

 

එසේ නම් මෙම ප්‍රකාශයන්හි අර්ථය කුමක්ද?

 

|ප්‍රධාන දහරාවේ ජාතික  දේශපාලන පක්ෂයක් ලෙස පැවති එජාපයේ ඒකාධිකාරීත්වය බිමට සමතලා කරන ලද්දේ සජිත් ප්‍රේමදාස ඇතුළු එජාපයේ පැරණි ජ්‍යෙෂ්ඨයින්ගෙන් සමන්විත වර්තමාන සමගි ජන බලවේගය විසිනි.  

 

අනතුරුව රනිල් වික්‍රමසිංහගේ ඒකාධිකාරියට නතුවූ එජාපයේ ඉතිරි වූ රනිල්ට හෝ  පිරිසට තම පක්ෂය වෙනුවෙන් දිවයිනෙන් එකදු ආසනයක් දිනාගත නොහැකි වීම තුළින් පෙන්නුම් කළේ එජාපයේ අවසානයට හේතුසාධක වූ රනිල් වික්‍රමසිංහගේ දේශපාලන භාවිතයේ ගැටලුවය.

 

|පරිභෝජන අර්චනකාමය තුළ හටගත් උද්ඝෝෂණයන් මත දියත් කළ ගෝල්ෆේස් අරගලය වන්නට ජනාධිපති සිහිනය සැබෑ වූවා මිස එය සැබෑ ජන මතයක් නොවේය යන්න කව්රුන්  කෙසේ කීවත්  රනිල්  වික්‍රමසිංහ මනාව අවබෝධ කරගෙන ඇත.

 

මේ නිසා යූඇන්පීය හරහා ජනපති අපේක්ෂකත්වයට තරඟ කරන්නට තමාට හැකියාව නැති බවත්, පොහොට්ටුවේ දේශපාලන මතවාදය හා තමා පරස්පර නිසා එහි අපේක්ෂකත්වය නොලැබෙන බවත්, අපේක්ෂකත්වය ලැබුවද තවමත් රටේ ජනමතය රාජපක්ෂ විරෝධී වීම තුළ ඇපත් නැතිවන බවත් දන්නා වික්‍රමසිංහ පරදින මැතිවරණයකට කිසිසේත් යළිත් තරඟ නොකරන අතර ඔහුගේ එකම අවශ්‍යතාව  සජිත් ප්‍රමුඛ සජබය විනාශ කර දැමීම යන්න දැන් සක් සුදක් සේ පැහැදිලි ය. සජිත්ව අවසන් කිරීමට සජබය නාය යැවීම මේ මොහොතේ එහි මුඛ්‍ය අරමුණය.

 

අනෙක් පසින් මේ වනවිට මහා ජන  රැල්ලක ආකර්ශනය දිනාගෙන ඇති ජාතික ජන බලවේගයේ නායකයා සම්බන්ධව කොයිතරම් ත්‍යාගශීලීත්වයක් තම හදවත තුළ තිබූවද එම පක්ෂ සංවිධානයේ මතවාදය තුළ දේශපාලනයේ  ප්‍රභූත්වයට සිදුවන බලපෑමට රනිල් වික්‍රමසිංහ විරුද්ධය. එනයින් අනුර රජවනු දැකීමද ඔහු මේ මොහොතේ නොරිසි කාරණයක් ය.

 

|අවසානයේ ඉතිරි වන්නේ තම මතය හා එකඟවිය හැකි දේශපාලනයකට නෑකම් කිවහැකි දේශපාලනය දන්නවා යැයි විශ්වාසය තැබිය හැකි නායකත්වයකට අනුබල දීම හෝ ඉඩකඩ විවර කරදීමටය.

 

එළැඹෙන්නේ එවන් ජාතික අපේක්ෂකයෙකුගේ සම්ප්‍රාප්තියට අවශ්‍ය පසුබිම වික්‍රමසිංහ ජනාධිපතිවරයා විසින් සකස් කර දෙන අවකාශයකි.

 

 

@Samaara Paranavithana