SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

උපත් අනුපාතිකයේ පහත වැටීමක් හේතුවෙන් ඉදිරියේදී

ශ්‍රී ලංකාව තුළ ජනගහනයේ සැලකිය යුතු පරිහානියකට මුහුණ දෙනු ඇතැයි කොළඹ විශ්වවිද්‍යාලයේ ජනවිකාශන විද්‍යාව පිළිබඳ සම්මානිත මහාචාර්ය ඉන්ද්‍රලාල් ද සිල්වා පවසයි. 

 

වර්තමානයේ ශ්‍රී ලංකාවේ උපත් අනුපාතය 25% කින් පහත වැටීම අනාගත ජනගහන පරිහානියට ප්‍රධාන හේතුවක් ලෙස ඔහු හඳුනාගෙන තිබේ. 

 

|2022 වසරේ ශ්‍රී ලංකාවේ වාර්තා වන උපත් සංඛ්‍යාව, 2013 වසරේ වාර්තා වූ උපත් සංඛ්‍යාවට සාපේක්ෂව 90,000ක අඩුවීමක් පෙන්නුම් කරන බව සඳහන් කළ ඔහු වත්මන් උපත් අනුපාතය මරණ සංඛ්‍යාවට ආසන්න වෙමින් පවතින බව පෙන්වා දෙයි. 

 

රටේ තරුණ තරුණියන් පිටරටවලට සංක්‍රමණය වීම හේතුවෙන් මෙම තත්ත්වය තවදුරටත් පිරිහීමට ලක්විය හැකි බවට ද මහාචාර්යවරයා අනතුරු අඟවයි.

 

@aruna