SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව අද පැවති දෙවන එක්දින තරගය කඩුලු 2කින් ශ්‍රී ලංකාව ජයග්‍රහණය කළේය.

එහිදී ශ්‍රී ලංකාව ජයග්‍රාහී මාවතට ගෙන ඒමට ජනිත් ලියනගේ ලකුණු 95ක ඉනිම මගපාදා දෙන ලද අතර අවසන් පිතිකරණයට පිවිසි ක්‍රීඩකයින් දෙදෙනා ජයග්‍රහණය සනිටුහන් කළේ ය.

 

සිය මංගල එක්දින අර්ධ ශතකය සමගින් ගොඩ නැගූ ඔහුගේ එම ආරක්ෂාකාරී ඉනිමට හයේ පහර 2ක් සහ හතරේ පහර 6ක් ඇතුළත් විය.

 

|නායකයාගේ සිට කණ්ඩායමේ සෙසු පිතිකරුවන් සුපුරුදු පරිදි වගකීම් විරහිත පිතිකරණයක නියැලෙද්දී අවසානයේ පිටියට පිවිසි දුෂ්මන්ත චමීර, මහීෂ් තීක්ෂණ සහ ජෙෆ්රි වැන්ඩසේ  කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙනගියේය.

 

ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් සිම්බාබ්වේ කණ්ඩායම සියලුදෙනා දැවී ලකුණු 208ක් රැස්කරගත්තේය.

 

එහිදී ශ්‍රී ලංකාව වෙනුවෙන් විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ මහීෂ් තීක්ෂණ ලකුණු 31කට කඩුලු 4ක් දවාගත්තේය.

දුෂ්මන්ත චමීර සහ ජෙෆ්රි වැන්ඩසේ කඩුලු 2 බැගින් දවාගත්තේය.

 

සිම්බාබ්වේ කණ්ඩායම වෙනුවෙන් අගනා ඉනිමක් ක්‍රීඩා කළ ක්‍රේග් අර්වින් හයේ පහරක් සහ හතරේ පහර 9ක් සමග ලකුණු 82ක් රැස්කරගත්තේය.