SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

සමගි ජන බ‌ලවේගය විසින් ජනවාරි 30 වෙනිදා

මහා විරෝධතාවක් පැවැත්වීමට කටයුතු යොදා ඇතැයි එම පක්ෂයේ ආරංචිමාර්ග කියා ඇත.

 

 

“ගහලා VAT… රටම  FLAT...

මේ දුෂ්ට ආණ්ඩුව එලවමු”

මැයෙන් සංවිධානය කෙරෙන මෙම විරෝධතාවට

දිවයිනේ සෑම ප්‍රදේශයක්ම නියෝජනය කරමින් මහා ජන ගංගාවක් ජනවාරි 30 කොළඹට කැඳවන බවත් වෙනසක් හදන වසරක් වෙනුවෙන් 2024 ට පා තබන්නට තම පක්ෂය සූදානම් බවත් සමගි ජන බලවේගයේ මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී  එස්.එම්. මරික්කාර් අපගේ විමසුමට පිළිතුරු දෙමින් ප්‍රකාශ කළේය.

 

 

ඔහු කියන්නේ, ජනවාරි 30 අඟහරුවාදා පස්වරු 1.30ට ජනතාව තලා පෙළා දමන මෙම VAT භීෂණයට එරෙහිව මෙම විරෝධතාව සංවිධානය කර ඇති බවය.

 

පක්ෂ පාට භේදයකින් තොරව විපක්ෂයේ ප්‍රධාන පක්ෂය විසින් සංවිධානය කෙරෙන මෙම විරෝධතාවට එක්වන ලෙස මන්ත්‍රීවරයා සියළුම ලාංකීය ප්‍රජාවට ආරාධනා කර සිටින බව දැනුම් දේ.

 

 

WhatsApp Image 2024 01 08 at 17.30.17 1