SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීමට පොලිසිය සිදු කරන යුක්තිය මෙහෙයුම සම්බන්ධයෙන් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරිය සැක මතු කරයි.

ඇය චෝදනා කරන්නේ මෙහෙයුමේදී තෝරාගත් ප්‍රදේශවල පමණක් මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් අත්අඩංගුවට ගැනීමේ වැටලීම් සිදු කරන බවයි.

 

මත්ද්‍රව්‍ය ජාවාරම් කරන දේශපාලඥයන් සිටිනා බව කවුරුත් දන්නා බවත් දෙමටගොඩ වැනි ප්‍රදේශවල ප්‍රබලව ක්‍රියාත්මක වන බවත් ඇය කියා සිටියි.

 

|වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට සුබ පතමින් දෙමටගොඩ පාතාල කල්ලි නායකයකු විසින් දැන්වීම් පුවරුවක්ද සවිකර ඇති බවත් එම ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය සොයා මෙහෙයුම් සිදු කරන්නේ නැති බවත් ඇය කියා සිටී.

 

තම පියාවන භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාට වෙඩි තබන අවස්ථාවේ දේශබන්දු තෙන්නකෝන් මහතා ඒ ආසන්න වාහනයක සිටි බවත් ඇය මාධ්‍ය අමතමින් කියා සිටියාය.