SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ලංකාවේ දකුණේ දේශපාලන නායකයින් හැමදාම ඡන්දයක් එනකොටම අපුල්ලන්න ගන්න එක  වස්තරයක්  තමයි බලය බෙදීම.

ඒක තමයි ජනප්‍රියම සටන් පාඨය.

 

උතුරේ දේශපාලන නායකයනුත් ඡන්දයක් ආපු ගමන්ම බලාගෙන ඉන්නෙ ඒ අවස්ථාවෙන් ප්‍රයෝජන අරගෙන ඉල්ලීම් ටිකක් දාල ඒක කේවල් කරන්න.

මේ දෙක දිහාම බලාගෙන අන්ත අසරණව පීඩා විඳින්නෙ බලය තිබුණත් නැතත් ජීවත්වෙන්න සටන්කරන සාමාන්‍ය දෙමළ පුරවැසිය.

 

|වසර පහෙන් පහට අපුල්ලන වස්තරයට උනත් දෙන පොරොන්දුවලට ආයෙ ආයෙත් රැවටෙයි කියල හිතාගෙන ඉන්න දකුණෙ  නායකයොයි,. මේ වතාවෙ වත් බලය බෙදාගන්න කේවල් කරගන්න ඔිනය කියල හිතන උතුරෙ දේශපාලන පක්ෂ නායකයොයි දෙගොල්ලම කරන්නෙ වංචාව.

 

ඒ වංචාවෙ අතරමැදියො ඊයෙත් අදත් හෙටත් ගොදුරු බවට පත්වෙලා අමාරුවෙන් ජීවත්වෙනව.

 

මැතිවරණ වර්ෂය ආරම්භ වීමත් එක්ක උතුරු පළාතේ සතියක  සංචාරයකට ගිහින් ඉන්න වික්‍රමසිංහ ජනාධිපතිවරයා  ව්‍යවස්ථාව අනුව තමන් බලය බෙදා හැරීමක් සිදු කරන බව සඳහන් කරල තිබුණා.

 

|මම ව්‍යවස්ථාව අනුව බලය බෙදා හැරීමත් කරනවා. එතකොට ඒ පළාත් නායකත්වය ගන්න ඕන. මධ්‍යම ආණ්ඩුවට බැන බැන ඉන්න බැහැ. සමහර විට මට අමාරු තීරණ ගන්න වෙයි. ජනප්‍රිය නොවන තීරණ ගන්න වෙයි. ඒ හැම එකක්ම කරන්නේ ආර්ථිකය ස්ථාවර භාවයක් ඇති කරන්නයි"

 

@Samaara Paranavithana