SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ජාතික ජන බලවේගයේ “ගැහැනු අපි එක මිටට මාලිමාවට” යන තේමාවෙන් රටේ සියලුම දිස්ත්‍රික්ක ආවරණය කරමින් පවත්වන සමුළු මාලාවේ දෙවැන්න

ගාල්ල මහජන ක්‍රීඩාංගණයේදී ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායකගේ ප්‍රධානත්වයෙන් ඊයේ (07) පවත්වන ලද අතර එයටද අති විශාල කාන්තාවන් පිරිසක් සහභාගී වී සිටියහ.

 

එම අවස්ථාවට ජාතික ජන බලවේගයෙ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය, ප්‍රවීන රංගන ශිල්පිනියන් වන, චාන්දනී සෙනෙවිරත්න, චමිලා පීරිස් ඇතුළු කලා ක්ශේත්‍රයේ සමාජ ක්‍රියාකාරිනියන් සහ පරිපාලන ක්ෂේත්‍රයේ නිලධාරිනියන් මෙන්ම වෘත්තීයවේදිනියන් විශාල පිරිසක් සහභාගී වී සිටියහ.

 

 

හමුදාවේත් මාලිමාවියන්...

 

army malimavi

යුද හමුදාවේ විශ්‍රාමික බලලත් නිලධාරී පුෂ්පමාලී රාමනායක

 

හමුදාවේ කාන්තා බලලත් නිලධාරීන් මාලිමා වේදිකාවේ වෙඩිමුර පත්තුකරයි

 

ජාතික ජන බලවේගය සංවිධානය කරන විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමූහිකයේ ක්‍රියාකාරීන් ලෙස හමුදා නිලධාරිනියන්ද මේ වනවිට පෙරමුණට පැමිණෙමින් සිටින අතර පසුගියදා (06) ගම්පහ නයිල ජයසිංහ උත්සව ශාලාවේ පැවති දිස්ත්‍රික් සමුළුව යුද හමුදාවේ විශ්‍රාමික බලලත් නිලධාරී පුෂ්පමාලී රාමනායක එක්වෙමින් අදහස් දක්වා ඇත.

එහිදී ඇය සමස්ත කාන්තා පරපුරෙන්ම ඉල්ලා සිටියේ “අවදි වෙන්න, සිතන්න, එකතුවෙන්න” යනුවෙනි. මේ ආශ්‍රිත පල කළ සම්පූර්ණ අදහස් පහත දැක්වේ.

“මම මීට ප්‍රථම ජනතාව අමතා තිබෙනවා. නමුත් අද මට සුවිශේෂී අවස්ථාවක්. මෙතරම් විශාල ප්‍රේක්ෂකාගාරයක් අමතා නැහැ. මම ඉදිරිපත් වුණේ විශ්‍රාමික යුද හමුදා කාන්තාවන් වෙනුවෙන් අදහසක් ප්‍රකාශ කිරිමටයි. අද අපි මුහුණ දී තිබෙන අර්බුදයේදී වැඩිපුරම බැට කන්නේ කාන්තාවයි. කුස්සියේ සියලුම කටයුතුවල නිරතවෙලා ඉන්නේ කාන්තාවයි. දරුවන්, දෙමව්පියන් වෙනුවෙන් කුස්සියේ සටනෙදී විශාල අපහසුතාවයකට පත්වෙන්නේ කාන්තාවයි. අපි හමුදා සෙබළුන්, සෙබළියන් හැටියට විශාල යුද්ධයකට මුහුණ දුන්නා. අපි සියලුම දෙනා එකතුවෙලා ඒ සටන තේජාන්විතව ජය ගත්තා. නමුත් කුස්සියේ සටන තනිවම මුහුණ දෙන්න සිදුවී තිබෙන්නේ කාන්තාවට. එතනදී කාන්තා අපි අසරණ තත්වයට පත්වෙනවා. අපි මේ තත්වයෙන් මිදෙන්න වුවමනාව තිබෙනවා.

ජාතිකයක් ලෙස අපි සියලුම දෙනා විශාල අගාධයකට වැටී තිබෙනවා. මෙතෙක් කල් අපි පක්ෂ දෙකක් අතර දෝලනය වුණා. ඒකෙන් අපි බැටකා සිටිනවා. අපට හමුවුණේ සොරදෙටු නායකත්වයක්. අපිට නිවැරදි නායකත්වයක් හමුවුණේ නැහැ. විශ්‍රාමික ත්‍රිවිධ හමුදාවේ අපි තීරණය කළා නිවැරදි නායකත්වයක් සොය යන්න. ඒ අනුව අපි ජාතික ජන බලවේගයේ වේදිකාවට ගොඩවෙන්න තීරණය කළා. මම රාජකාරි කළේ ජාතික මිනිස් බල සන්නද්ධ සංචිතය නමැති අතුරු හමුදාවක. මගේ කඳවුර ඇඹිලිපිටියේ තුංකම තිබුණේ. ඒ 1988-1989 වර්ෂවල. අපට දී තිබුණු චිත්‍රය අනුව මේ පක්ෂය පිළිබඳ කිසිම පැහැදීමක් තිබුණේ නැහැ. විවිධ අයත් සමග මේ පක්ෂයට එරෙහිව තර්ක කළා. නමුත් අද මට මේ වේදිකාවට ගොඩවෙලා කතා කරන්න සිදුවී තිබෙනවා.

මම හිතනවා අපි වෙනස් වෙන්න ඕනෙ. කැපුවත් ලේ නිල් පාට, කැපුවත් ලේ රතුපාට මතයේ සිටියොත් අපට ජාතියක් ලෙස නැගිටින්න බැහැ. අපි වෙනස් විය යුතුයි යන අදහසේ ඉඳිමින් වෙනස කරා ඇවිත් සිටිනවා. ඒ නිසාම අපි ජාතික ජන බලවේගයත් සමග ඉදිරියට යන්න උත්සාහ කරනවා. අනුර කුමාර දිසානායක මහතාත් සමග මේ යන ගමනේදි, තවදුරටත් වෙනත් නායකයෙක් සොයා ආපසු යාමට සිදුවෙන එකක් නැහැයි කියන විශ්වාසය තිබෙනවා. නියම නායකයෙක් සමග අපි අත්වැල් බැඳගෙන සිටිනවා.

අපට තිබෙන්නේ අහිංසක බලාපොරොත්තු ටිකක්. අපි විශ්‍රාමික කාන්තාවන්. ගෙදරට අවශ්‍ය බඩු ටික ගේන්නේ අපි. මීට පෙර අපි කඩෙන් අවශ්‍ය බඩු ටික අරගෙන මුදල් ටිකක් අතේ ඉතිරි කර ගන්න පුළුවන් වුණා. ඒ මුදල ඊළඟ මාසෙ විශ්‍රාම වැටුප ගන්න තුරු කළමනාකරණය කර ගත හැකි වුණා. අද අපි අත්‍යවශ්‍යම බඩු ටික අරගත්තාට පස්සේ අතේ සත පහක්වත් නැතිව කඩෙන් එළියට එන්න සිදුවෙලා තිබෙනවා. දරුවන්ගේ අවශ්‍යතාවයන් ඉටුකර දෙන්න නොහැකි වෙලා තිබෙනවා. එයට හේතුව වෙලා තිබෙන්නේ පාලකයන්ගේ දූෂිතභාවය, ජඩකම. ඒ නිසාම අපිට ජාතික ජන බලවේගයත් සමග අත්වැල් බැඳගැනීමට සිදුවෙලා තිබෙනවා. පාලකයෝ දරුවන් ඉදිරියේ මේ අපේ රටේ අනාගතය කියල කතා කරනවා. රටේ සම්පත වූ දරුවන් විශාල වශයෙන් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවෙලා. බඩු මිලදී ගන්න කඩවල් දහයකට ගියොත් එකම බඩුවක මිල ගණන් දහයක්. එය දරා ගැනීමට අපට අපහසුයි. මිල පාලනයක් නැහැ. නීතිය දූෂණය වෙලා. එය අපි අත්විඳිනවා. මේ සෑම දෙයකින්ම අපි පීඩාවට පත්වෙලා. මානසික ආතතිය නිසා මිනිස්සු දිවිනසා ගැනීම් වැඩිවෙලා. මේ රට කිව නොහැකි ආකාරයෙක් අගාධයකට වැටිලා තිබෙන්නේ. අපි අභිමානවත් ජාතියක් ලෙස හිටපු රටක්.

මම මේ රට නියෝජනය කරමින් රටවල් ගණනාවකට ගොස් ක්‍රීඩා තරගවලට සහභාගි වෙලා කීර්තියක් අත්කර දී තිබෙනවා. අද ක්‍රීඩා අංශයත් විශාල පසුබෑමකට ලක්වෙලා තිබෙනවා. ඔලිම්පික් ක්‍රීඩාවකට යන්න සුදුසුකම් ලබාගන්න ක්‍රීඩකයෙකුට සල්ලි නැහැ. ක්‍රීඩකයන්ට හිඟමනට යන්න සිදුවෙලා තිබෙනවා. ක්‍රීඩාවත් ඉතාම අභාග්‍යසම්පන්න තත්වයකට පත්වෙලා තිබෙනවා. මේ හේතු නිසා මම මෙතනට පැමිණි හා නොපැමිණි විශ්‍රාමික සෙබළියන්ගෙන් පමණක් නොවෙයි සමස්ත කාන්තා පරපුරෙන්ම ඉල්ලා සිටිනවා අවදිවෙන්න, සිතන්න, අපිත් එකක එකතු වෙන්න වෙනසකට සූදානම් වෙන්න කියලා.”

@Lankatruth

malimavi 2malimavi 3malimavi 4malimavi 5malimavi 6