SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මීළඟ ජනාධිපති අපේක්ෂකයා ලෙස

රනිල් වික්‍රමසිංහ මහතා පත්වනවාට මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා කැමති නැති බව රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග සඳහන් කරයි.

 

|පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ලෙස ධම්මික පෙරේරාත් අග්‍රාමාත්‍ය අපේක්ෂ ලෙස නාමල් රාජපක්ෂ මහතාත් නම් කරනු ඇති බවද ඔහු කියා සිටී.

 

නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා  ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරීමට තාම වේලාසන වැඩි බවත් ඔහු පෙන්වා දෙයි.

ජනාධිපතිවරණයෙන් පසුව ජනාධිපති ලේකම්වරයා ඉවත්කර ගාමිණී සෙනරත් ජනාධිපති ලේකම් ධුරයට පත්කරන බවද ඔහු පවසයි.

 

|ජනාධිපතිවරණය පැවැත්වීමට කලින් මහ මැතිවරණය පවත්වන්න බැසිල් රාජපක්ෂ විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ වනවිටත් කැමති කරගෙන ඇති බවද ඔහු කියා සිටියේය.

 

ඔහු මෙම අදහස් පළ කර ඇත්තේ අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවකට එක්වෙමිනි.

 

@lankacnews

නවතම ලිපි