SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

පසුගිය දා පාර්ලිමේන්තුව  විසුරුවීමේ ඉඟියක් ගැන සමාජ මාධ්‍ය මෙන්ම ප්‍රධාන මාධ්‍ය මගිනුත් විශාල හාහෝවක්  ගියා.

මේ ප්‍රවෘත්තිය  ප්ලාන්ට් කරල  තියෙන්නෙ  රනිල් පාර්ශ්වයෙන්ම කියලත්  දැන් හෙළිදරව් වෙලාලු.

 

පහුගිය රැයක දේශපාලන වත ගොත ගැන කතාකරන්නට ෂොට් එකක් දාගෙන එකතු වුනු ආණ්ඩුවටත් විපක්ෂෙටත් සම්බන්ධ මිත්‍රයො පිරිසක්  තමයි මේ වග හෙළිකරල තියෙන්නෙ.

 

“මචං මේ වැට් සෙල්ලමයි ඊට කලින් අර ඇමතිකන් හුටපටෙයි හින්ඳ පොහොට්ටුවට මළ පැනලනේ හිටියෙ ලොක්ක එක්ක..

ඒක හින්ඳ තමයි ධම්මික පෙරේරාව අපේක්ෂකය කරනවා කියල ලොකුවටම පැතිරෙව්වෙ...”

 

 

“ඒ උනාට බන් පොහොට්ටුව දැම්මනේ කරුණු දහයක් ජනාධිපති අපේක්ෂකයෙක් වෙන්න ඔින කරන ඒව කියල..”

 

මචං උඹ හිතන්නෙ  ඒ කරුණු දහය හැදුවෙ කව්ද?

 

කව්ද?

 

“ඒක හැදුවෙ ධම්මිකයමයි බන්. මෑන්ගෙ ප්‍රොජෙක්ට් ඒකට හරියන්නයි, ලොක්ක අවුට් වෙන විදිහටයි තමයි ඒක හදල තිබුණෙ...”

 

“ඉතිං මචං උගේ වල ඌම කපාගත්ත වගේ වැඩක් නේ වෙලා තියෙන්නෙ.. දැන් මාධ්‍ය ඔක්කොම කියල තියෙද්දි පොහොට්ටුවේ ජනපති අපේක්ෂකයා මෙයා කියල කොහොමද ඔලුව උස්සන්නෙ?

මේක හරියට වර්ණපාල තියරිය කරන්න ගිහින් ඇණ ගත්ත වගේ වැඩක් වෙයිනේ..”

 

“එහෙම තමයි බන්..ධම්මික ගහන්නෙත් ගේමක්.. පොහොට්ටුවත් මේවෙලේ ගහන්නෙ ගේමක්..ඒ ඔක්කොටම හපන් කපටි නරියගෙ ගේම එලියට එනකොට..”

 

“ඔන්න බලාපන් පහුගිය දවස්වල ධම්මික පස්සෙන් දුවපු සෙට් එකම හෙටානිද්ද ආයෙත් ලොක්ක පස්සෙන් දුවන හැටි..”

පැත්තක ඉඳන් නිහඩවම ඇහුන්කන් දුන්න මිත්‍රයෙක් මැද්දට පැනල කිව්ව..ලු.

 

“දැන් රනිල් ලොක්කගෙ කට්ටියටම ඔින අපේක්ෂකය රනිල්ය කියල අයාලෙ යන පන්දු ටිකෙන් ලකුණු ගන්න..

අනෙක් අපේක්ෂකයො වෙන්න ඉන්න කට්ටියටයි.. විපක්ෂෙ සෙට් එකටයි ඔින රනිල් එන්නෙ නෑමයි කියල විකට් ඔිපන් කරල බැට් කරන්න..”

 

 

“ඒ උනාට රනිල් ආවෙත් වැඩි වාසිය හැදෙන්නෙ අනුර කුමාරටනේ.

මිනිස්සු රනිල් එක්ක තියෙන තරහටත් එක්ක  අනුරට ඡන්දෙ දේවි..”

 

“දැන් බලපන්  ඔන්ලයින් පනතත් මේ අව්අස්සෙ ගේන්න යනව ටිරාන්ල.

ඒක තිබුණම මිනිස්සුන්ගෙ කේන්තිය ඒක හරහා එළියට යනව. දැන් ඔිකෙන් වෙන්නෙ වෙන විදිහකට පීඩනය පුපුරා යෑමනේ”

සමාජ විද්‍යාඥයෙක් වෙච්ච මිත්‍රයෙක් එයාගෙ තියරිය එලියට දැම්මෙ ඒ විදිහට.

 

"ඒ මොක උනත් තවම කොයි මැතිවරණය තියනවද කියල කෙලින් උත්තරයක් නැහැනෙ බන්.."

 

“මුලින් ජනාධිපතිවරණය තියෙන එකේ  වාසි වෙන  ටීම් එකක් ඉන්නවනේ..

ඒකෙ රනිලුයි අනුරයි දෙන්නම ඉන්නවා.

හැබැයි සජබෙ කැමැත්ත මුලින් මහ මැතිවරණයක් තියනවට.. ඒකනේ කට්ටිය කැට තියල කියන්නෙ මුලින් තියන්නෙ පාර්ලිමේන්තු මැතිවරණය කියල..”

 

මේ ඔක්කොම හරිය කියමු මචං..

මේ මාසෙ අමාරුවෙන් ගෙවා ගත්තත් මිනිස්සු නම් ඉන්නෙ මළ ම  පැනල..

පත්තුවෙන්න ඔන්න මෙන්න.

ඔන්න ඉතිං අපිත් ඉන්නෙ පත්තු වෙන්න ඔන්න මෙන්න හොඳේ..

 

#Gossip

නවතම ලිපි