SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

මේ වසරේ ඉටු කර ගැනීමට තිබෙනුයේ  ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට උත්සාහ දැරීම සහ

ජරාජීර්ණ වී ඇති දේශපාලන පරිපාලන යාන්ත්‍රණය පිරිපහදු කරගැනීම යැයි ඊයේ එක්සත් ජනරජ පෙරමුණේ මාධ්‍ය හමුව අමතමින් එම පක්ෂයේ දේශපාලන මණ්ඩලයේ සභාපති සහ හිටපු අමාත්‍ය කරු පරණවිතාන පැවසූවේය.

 

මේ වසර මැද භාගය වනවිට  ජනාධිපතිවරණයක් හෝ මහ මැතිවරණයක් පැවැත්වීමට සිදුවනු ඇති බවත් එම  අභියෝගය ජය ගැනීමට හැකි  ආකාරයේ ප්‍රායෝගික අදහස් ඇති  විවේචන වලට විතරක් සීමා නොවුනු අභියෝගය ජයගත හැකි ආකාරයේ අදහස් වලින් සමන්විත අදුෂිත දේශපාලන නායකයන්ගෙන් සමන්විත ප්‍රජාතන්ත්‍රවාදී  මහා දේශපාලන සන්ධානයක් අවශ්‍යයැයි  අපි පක්ෂයක් විදියට  යෝජනා කරනවා යැයි මාධ්‍ය හමුව අමතමින් ඔහු  පැවසීය.

 

 |රටේ පොලිස්පතිතුමා දේශබන්දු තෙන්නකෝන් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් මත්කුඩු ජාවාරම මර්දනය කිරීමට යුක්තිය නමින් මෙහෙයුමක් ක්‍රියාත්මක කෙරෙනවා. මේ රටේ බරපතල සමාජ උවදුරක් වෙලා තිබෙන මත්ද්‍රව්‍ය  උවදුර නැති කළ යුතුයි. පොලිස්පතිතුමාගේ මේ වැඩබලන පොලිස්පති කෑල්ල ගලවාගැනීම එහෙම  නැත්නම් ස්ථිර පොලිස්පති බවට පත්වීම වෙනුවෙන් ඕනවටත් වැඩිය කරන්නා වූ මෙහෙයුමක්ද මේක කියන විවේචනය හැම අතින්ම ඇවිල්ලා තිබෙනවා. ඒවගේම  එම මෙහෙයුමේදී විශාල මානව හිමිකම් උල්ලංඝනයක් සිද්ධ වෙමින් තිබෙනවා” යැයි මාධ්‍ය අමතමින් කරු පරණවිතාන පැවසූවේය.

 

“මත්ද්‍රව්‍ය මෙහෙයුමට මුවා වී  කිසියම් ඇමතිවරයෙක්ගේ, කිසියම් පොලිස් නිලධාරියෙක්ගේ, නැත්නම් නිලධාරී කණ්ඩායමකගේ පෞද්ගලික බල අවශ්‍යතාවන්,  ධන අවශ්‍යතාවන්  ඉටුකරගැනීමට ක්‍රියාකරයි නම් එසේ නොකරන ලෙස අප යෝජනා කර සිටිනවා” යැයි ද ඔහු  පැවසීය.

නවතම ලිපි