SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

2024 වසරේදී පැවැත්වෙන ජාතික මැතිවරණ සදහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ සිය මාධ්‍ය ප්‍රචාරක වැඩපිළිවෙල ආරම්භ කිරීමට පියවර ගෙන ඇත.

ඒ අනුව ඊට අදාළ වන මූලික සාකච්ඡා ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශකවරුන්, මාධ්‍ය අංශ ප‍්‍රධානීන් කිහිපදෙනෙකුගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පවත්වා ඇතැයි වාර්තා වේ.

 

එහිදී මාධ්‍ය ප්‍රචාරක කටයුතු ඵලදායි ලෙස යොදා ගනු ලබන ආකාරය පිළිබඳව දීර්ඝව සාකච්ඡා වී ඇත.

 

 

මෙම ප්‍රචාරණයන්හිදී සමාජ මාධ්‍ය ප්‍රචාරක කටයුතුවලට වැඩි අවධානයක් යොමු කිරීමට සාකච්ඡා වී ඇති අතර, මේ වනවිටත් එජාපයේ සන්නිවේදන බලකාය ඊට අදාළ සැළසුම් සූදානම් කර ඇතැයි පැවසේ.

 

 

එජාප සන්නිවේදන බලකායේ අධ්‍යක්ෂ ජෙනරාල් ලෙස කටයුතු කරනු ලබන්නේ සුදත් චන්ද්‍රසේකර වන අතර සමාජ මාධ්‍ය ප්‍රචාරණ කටයුතු බාරව ඇත්තේ පෙර අවස්ථාවන්හිදී මෙන්ම තුෂාර වන්නිආරච්චිට යැයිද ආරංචිමාර්ග කියා සිටියි. මේ වන විට ඔවුන් ඒ සඳහා සැලසුම් සකස් කර ඇති බවද සඳහන් ය.

 

එසේම දැනටමත් ජනාධිපතිවරයාගේ මාධ්‍ය ප්‍රචාරක කටයුතුවල සිදුවන අඩුපාඩු පිළිබඳවද අවධානය යොමු වී ඇත.

 

ජනාධිපති මාධ්‍ය අංශයේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා වන්නේ හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවකගේ පක්ෂයන්හි වසර ගණනාවක් මාධ්‍ය ප්‍රචාරක මෙහෙයුම් සිදුකළ සහ දේශපාලනය කළ, අත්දැකීම් සහිත, ධනුෂ්ක රාමනායක වන අතර දැනට මාධ්‍ය ඒකකයේ පවතින අඩුපාඩු මගහරවාගෙන යාන්ත්‍රණය තවත් ශක්තිමත් කරගැනීමටද එහිදී සාකච්ඡා වී ඇතැයි පැවසේ.