SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංගට  ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ

‘පක්ෂ නායක’ ලෙස නව තනතුරක් බිහිකර ඊට පත්කිරීමට ශ්‍රිලනිපයේ විධායක සභාව කටයුතු යොදා ඇතැයි වාර්තා වේ.

 

පක්‍ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරන්නේ පක්ෂයේ සභාපති ධුරය ලබා දෙන්නැයි හිටපු ජනාධිපතිනිය කළ ඉල්ලීම වෙනුවෙන් පක්ෂ නායක තනතුර නිර්මාණය කර එය ඇය වෙත ලබාදීමට කටයුතු යොදන බවය.

 

ඒ අනුව මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපති පක්ෂයේ සභාපති ධූරය අත්හැරීමට සූදානම් නැති හෙයින් පක්ෂ නායක ධූරය අළුතින් ඇති කිරීමට විධායක සභාව තීරණය කර ඇත.

 

ඒ අනුව මේ පිළිබඳ අවසන් තීන්දුවක් ගැනීමට පක්ෂයේ විධායක සභාව එළඹෙන අටවෙනිදා කැඳවීමට නියමිතය.