SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇතිකර ගත් ගිවිසුම අඛන්ඩව ඉදිරියට රැගෙන යාම ජාත්‍යන්තර සහාය ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකාවට ඉතා වැදගත් බව

මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ ඊයේ (29) පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කර ඇත.

 

ශ්‍රී ලංකාවට ණය ලබා දී තිබෙන රටවල් සහ ජාත්‍යන්තර මූල්‍ය ආයතන ණය සහන සහ සහතික ලබාදී ඇත්තේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ලබා දී තිබෙන වැඩසටහන ඉදිරියට යෑමේ පදනම මත බව ආචාර්ය වීරසිංහ එහිදී පවසයි.

 

ඕනෑම රජයකට ඉදිරි වසර හතරක කාලයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා කර කාලයට ඔබින පරිදි ප්‍රතිපත්ති වෙනස් කර ගැනීම හැකියාව තිබෙන බවද ආචාර්ය වීරසිංහ එම මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කර ඇත.

 

ශ්‍රී ලංකාව මූල්‍ය අරමුදලේ වැඩසටහන අඛණ්ඩව ඉදිරියට ගැන යෑම මෙරට අනාගතය වෙනුවෙන් ඉතා වැදගත් බව මහ බැංතු අධිපතිවරයා පවසයි. එසේම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඉදිරියට යෑමට අකැමැති පාර්ශ්ව ඒ සඳහා තිබෙන විකල්පයද ප්‍රකාශ කළ යුතු බව ඔහුගේ අදහසය.

 

 

ඉහළ ගිය බඩු මිලට මුහුණ දීමට තිබෙන එකම විකල්පය නම් ඊට සාපේක්ෂව ආදායම වැඩි කර ගැනීම බවත් කවුරුන් හෝ දීර්ඝකාලීනව බඩු මිල අඩු කරන බව පවසනවා නම් එය අසත්‍යයක් බවත් ආචාර්ය වීරසිංහ වැඩිදුරටත් පැවැසුවේය.

 

ශ්‍රී ලංකාව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනෙන් ඉවත් වුවහොත් බරපතල ගැටළු රැසකට මුහුණ දීමට සිදුවනු ඇතැයි ආචාර්ය නන්දලාල් වීරසිංහ අවධාරණය කරයි.