SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

පසුගියදා කහවත්තේ මාධ්‍යවේදියෙකුගේ මවක් මැරූ බවට එම මිය ගිය කාන්තාවගේ අවිවාහක දුව සැක පිට අත් අඩංගුවට ගෙන බන්ධනාගාර ගත කරන ලදී.

කෙසේ නමුත් අද එම සැකකාර කාන්තාව නිදහස් කිරීමට පැල්මඩුල්ල මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇතැයි වාර්තා වේ.

ඇය කහවත්ත ප්‍රාදේශීය ලේඛම් කාර්යාලයේ සේවය කල නිලධාරිනියක් බවත්  මාධ්‍ය වාර්ථා කර තිබිණි.

 

කෙසේ වුවත්  කහවත්ත පොලිසිය දිගින් දිගටම කරන ලද පරීක්ෂණවල ප්‍රතිපලයක් ලෙස, සැබෑ මිනිමරුවා ද සැකපිට අත් අඩංගුවට ගත්බවට කහවත්ත පොලිසිය මෝෂමක් මගින් අධිකරණයෙන් කල ඉල්ලීමකට අනුව එම කාන්තාව නිදහස් කර ඇති බව වාර්තා වේ.

 

 

ලංකාවේ සැකපිට අත්අඩංගුවට ගන්නා අයෙක් පිළිබඳ මාධ්‍ය මගින් හෝ වෙනත් ක්‍රමයක් හරහා තොරතුර ප්‍රසිද්ධ කිරීම තුළින් අත් අඩංගුවට ගන්නා පුද්ගලයා නිර්දෝෂී පුද්ගලයෙක් බවට පසුව හෙළිවුවද ඒ වනවිට එකී පුද්ගලයාගේ ජීවිතයට විය යුතු සියළුම අකටයුතුකම් සිදු වී හමාරය.

 

 

මේ නිසා මෙවැනි නීතිමය කාරණාවලදී සිවිල් පුරවැසියන්ගේ ජීවිතවලට බලපෑම් නොකෙරන අයුරින් රාජකාරී සිදුවිය යුතුය.

වැරදි තොරතුරු සමාජගතවීම් තුළින් හිංසනයට ලක්වන්නන් පිළීබඳව පාලකයින් සහ අදාළ ආයතනයන්හි ප්‍රධානීන් වගකිව යුතුය.

 

@Ivon priyanka

මූලාශ්‍රය - ravanalankanews