ප්‍රවීන පුවත්පත් මාධ්‍යවේදී, දැන්වීම් නිර්මාණ ශිල්පී හරිත් ගුණවර්ධන අද (28) උදෑසන
තම දිවිසැරිය නිමකර ඇත.
කිංබානට්, ඔහු විසින් ලියන ලද අමතක නොවන නිර්මාණයකි.
සැලසිනේ ආයතනයේ සභාපතිවරයා වන හරිත් ගුණවර්ධන, අද උදෑසන සිය කාර්යාලය වෙත එමින් සිටියදී බොරලැස්ගමුව ප්‍රදේශයේදී ඇති වූ හදිසි රෝගී තත්වයකින් මියගොස් ඇත.
කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදි සිසුවකු වන හරිත් ගුණවර්ධන ,
කොළඹ විශ්වවිද්‍යාලයේ උපාධිධාරියෙකු වේ.
 
															

 
  
  
  
 
   
   
   
   
   
   
   
   
  