SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

දකුණු ඉන්දීය සුපිරි නළු නාරායනන් විජයරාජ් අලගර්ස්වාමි හෙවත් විජයකාන්ත් අභාවප්‍රාප්ත වී තිබේ.

කොරෝනා වෛරසය ආසාදනය වී ඇතිවුණු සංකූලතා මත ඔහු මිය ගිය බව ඉන්දීය වාර්තා සඳහන් කරයි.

 

මියයන විට ඔහු 71ක් හැවිරිදි වියේ පසු විය.

 

මුඛ ආවරණ පළඳින්න

 

හැකි සෑම අවස්ථාවකම මුඛ ආවරණ පළඳින ලෙස වසංගත රෝග විද්‍යා ආයතනයේ විශේෂඥ වෛද්‍ය චින්තන පෙරේරා ඉල්ලීමක් කරයි.

 

විශේෂයෙන් දඹදිව ඇතුළු විදේශ සංචාරවල යෙදෙන ජනතාව වෙත මෙම දැනුම්දීම ඉතා වැදගත්වනු ඇත.

විදේශ සංචාරවලදී අසනීප තත්ත්වයක් ඇතිවුවහොත් වහා වෛද්‍ය උපදෙස් ගැනීම වැදගත් බවත් ඔහු සඳහන් කර සිටියේය.

 

එමෙන් රට පුරා විවිධ ප්‍රදේශවලින් ජෛව පටල නියැදි ලබාගෙන ඒවා මේ දිනවල පරීක්ෂා කරගෙන යන බව ම රටේ කොවිඩ් සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරමින් විශේෂඥ වෛද්‍ය රෝහිත මුතුගල පවසයි.

නව වෛරස ප්‍රභේදය පැතිරීම ගැන ඒ අනුව ඉදිරියේදී ස්ථීර වශයෙන්ම දැනගත හැකිවන බවද ඔහු සඳහන් කර සිටියේය .

 

කොවිඩ් දැන් මතුවන්නේ සෙම් ප්‍රතික්ෂාව වැනි පොඩි අසනීප තත්වයක් ආකාරයට බවත් එවැනි අවස්ථාවලදී පරීක්ෂා කිරීමේ අවශ්‍යතාවයක් නොමැති බව වෛද්‍යවරයා පෙන්වා දෙයි.

 

කෙසේ වුවත් කොවිඩ් ජාන විශ්ලේෂණ අවසාන පරීක්ෂණයේදී නව ප්‍රභේදය හමුවී නැතැයි ද ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.