SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

මේ දවස්වල තැටිය රත්වෙලා තියෙන්නේ යුක්තියේ මෙහෙයුම කියන ටිරාන් ඇමතිගෙයි, දේශබන්දු පොලිස්පතිගෙයි වැඩ කිඩ වලින්ලු.

දැන් දැන් මේ රටේ විතරක් නෙවෙයි ලංකාවෙ මත්ද්‍රව්‍ය ජාවාරම්කාර ඉහළ පෙළේ ලොක්කො ටිකත් ඔන්න දැන් අල්ලන්න රෙඩ් නෝටිස් යවමින්ලු ඉන්නෙ.

 

පහුගිය දවස්වල කට්ටිය කිව්වෙ පොඩි පොඩි හාල්මැස්සො අල්ලනවා, තෝර මෝරු අල්ලන්නෙ නැහැ කියලනේ. සමහරවිට ඒකට උත්තරයක් දුන්නද මන්දා. මොනව කලත් තව මාස හයක් විතර යද්දි හැමතැනටම දැල එළල මේ වැඩේ උපරිම කරන්නලු ටිරාන් ලොක්කගෙ අදහස.

 

මේගැන 25 නත්තල දවසෙ තිබුනු උත්සවයකදි අලස් ඇමති කිව්ව කතාවෙ තිබුණෙ, යුක්තිය වැඩසටහනට බාධා කරන පිරිස් මෙය නතර කරන බවට විවිධ ප්‍රචාර සිදු කලත් මේ මෙහෙයුම නතර කරන්නේ නැහැ කියලයි.

 

“කවුරුන් බාධා කළත් ඉදිරි මාස හය තුළ රටතුළ පාතාලය හා කුඩු ජාවාරම සම්පූර්ණයෙන්ම මැඩපවත්වන ඉලක්කය අප ජයගන්නවා.

ඒ තුලින් රටේ විශාල පරිවර්තනයක්‌ සිදුවනු ඇති බව මට විශ්වාසයි. මා මෙම අමාත්‍යධුරයේ කටයුතු කරන තාක් පාතාලය හා මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහිව ගතහැකි උපරිම පියවර ගන්නා බවට මම සහතික වනවා”

 

කතාව ඔික නෙවෙයි.

 

ඔන්න ඒ පාර ඇමති ටිරාන්ගෙ කතාවත් එක්ක තවත් ගොසිපයක් ඇවිලෙන්න අරගෙන.

 

ටිරාන් ට කොහොමත් පක්ෂයක් තියෙනව එයාගෙම. කාලයක් තිස්සෙ මැතිවරණ කොමිසමේ ලියාපදිංචි පක්ෂයක්..

දැන් මේ ඔක්කොම සංදර්ශන දාගෙන පොලිස් ඇමතිගෙ ප්ලෑන් එක ජනාධිපතිවරණයකට ඉල්ලන්න කියල රෑට රෑට කාපු බීපු තැන්වල කතා වෙන්න අරගෙනලු.

 

 

ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ආපු ටිරාන් මන්ත්‍රීවරයෙක් හැටියට අව්රුදු ගානක් පාර්ලිමේන්තුවේ හිටියත් බැරි වෙලාවත් හ්ම් සද්දයක් නැතිවලු හිටියෙ.

පොලිස් ඇමතිකම ගෝඨාභය දුන්නට පස්සෙත් කාලයක් යනකල් හ්ම් සද්දයක් නැතිවලු හිටියෙ.

ඒත් ළඟකදි ඉඳල ටිරාන් ඇමති හෝ ගාල කතාකරනවාලු, ආවේගශීලීව කතාකරනවලු., රණ්ඩු කරගන්නවලු, උත්සව වලට යනවලු, මේ ඔක්කොම පිටිපස්සෙ තියෙන්නෙ කව්දෝ එයාව ජනාධිපති අපේක්ෂකයෙක් කරන්න කන්දක් උසට බලාපොරොත්තු ඇති කරවලාලු..

 

 

අපි දන්නෙ නැහැ ඉතිං..

කට්ටිය කාපු බීපු වෙලාවට කියන කතා ගනං ගන්නත් පුළුවන් නොගන්නත් පුළුවන් නේ.

 

මොනව උනත් දැන් දැන් පඳුරකට ගැහුවොත් ජනාධිපති අපේක්ෂකයො 20ක් 30ක් එළියට විසිවෙන සයිස් එකක් තමයි තියෙන්නෙ කියලයි මහජනයා කියන්නෙ..

පොළොන්නරුවෙන්ම දෙන්නෙක් නොවෑ...

 

#Gossip