SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

තමන් ජනාධිපතිවරණයට තරග කරන්නේ නැති බව කිසිදු ස්ථානයක පවසා නැතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ සඳහන් කර ඇත.

ඔහු  මේ බව සඳහන් කර ඇත්තේ නත්තල් නිවාඩුවට පෙර ආණ්ඩු පක්ෂයේ මැති ඇමැතිවරුන් පිරිසක් හමුව සමග පැවති සාකච්ඡාවක් අතරතුරදීය.

 

තමන් තරග කරන හෝ තරග නොකරන බවට කිසිදු ප්‍රකාශයක් කර නැති බව පවසා ඇති ජනාධිපතිවරයා රටේ ආර්ථිකය ගොඩ ගැනීමට තව වැඩකටයුතු බොහෝ කරන්න ඇති බව සඳහන් කර තිබේ.

 

ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහන අවසන් කළ යුතුව ඇති බවත් නව ආර්ථිකයක් නිර්මාණය කළ යුතුව ඇති බවත් ඒ සඳහා කාලයක් අවශ්‍ය බවත් ජනාධිපතිවරයා එහිදී පෙන්වා දී ඇත.

 

ඉදිරි වසර  මැතිවරණ වර්ෂයක් ලෙස ප්‍රකාශයට පත්කර තිබුණේද ජනාධිපති  වික්‍රමසිංහ විසින් ය.

එසේම පොහොට්ටු පක්ෂයේ අභ්‍යන්තර ආරංචිමාර්ගවලට අනුව ඔවුන්ගේ ජනාධිපති අපේක්ෂකයා ව්‍යාපාරික ධම්මික පෙරේරා වනු ඇති බවටත් සංවාදයක් මතුව ඇත.

එසේම ඉතාම මෑතකදී එම පක්ෂයෙන් කොටසක් කැඩී විපක්ෂයේ අසුන් ගන්නා බවටත් අනාවැකි පළවී තිබේ.

 

එසේ වුවහොත් ආණ්ඩුවේ බහුතරය නැතිවන බවටත් ජනාධිපතිවරණය කෙසේ වෙතත් පාර්ලිමේන්තු මැතිවරණයකට යෑමක් සම්බන්ධයෙන් කේවල් කිරීමක් කළහැකි පරිසරයක් නිර්මාණය විය හැකි බවටත් දේශපාලන විචාරකයින්ගේ අදහස වී ඇත.

 

කෙසේවෙතත් බොහෝ ආණ්ඩු හිතවාදී එජාප හිතවාදීන් ගේ අදහස වී ඇත්තේ මේ සියළු අර්බූධයන්ට වික්‍රමසිංහ ජනාධිපතිවරයා සතු වැඩපිළිවෙලක් තිබිය හැකි බවත් සියල්ල ඔහු විසින් උඩු යටිකුරු කරනු ඇතැයි විශ්වාසයක් පවතින බවත් ය.