SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු කොටසක් ඉදිරියේදී  විපක්ෂයේ අසුන්ගැනීමට සූදානම් බව

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක අබේසිංහ කියයි.

 

ඒ අනුව පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ බහුතරය නැතිවන බවත් එසේ වුවහොත් විපක්ෂයේ ආණ්ඩුවකට ජනාධිපතිවරයාට  විපක්ෂයට ආරාධනා කළ හැකි  බවත් මන්ත්‍රීවරයා පවසයි.

 

කෙසේ වුවත් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට නම් මුදල් සම්බන්ධ පනතක් පරාජයට පත්විය යුතු බවත් ඉදිරි වසරක කාලය තුළ මේ ඔිනෑම දෙයක් සිදුවිය හැකි බවත් මන්ත්‍රීවරයා අද මාධ්‍ය අමතා පවසා ඇත.

 

ඒ අනුව ඉදිරි මැතිවරණ වර්ෂයේ මුලින්ම පැමිණෙන්නේ ජනාධිපතිවරණයක්ද මහා මැතිවරණයක්ද යන්න මේ වනවිට අවිනිශ්චිත තත්වයක පවතින බවයි විශ්ලේෂක මතය වී ඇත්තේ.