SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

“මහින්ද රාජපක්ෂ අයවැයට ඡන්දේ දීලා එළියට ඇවිත් බදු බර වැඩි කියා මාධ්‍ය නිවේදන දෙනවා” 

රාජපක්ෂලාගේ කාලයේ  ණය ගෙන ඉදිකිරීම් බුබුලක් හැදූ බවත් ඉන්පසුව  පාරවල් ගොඩනැගිලි, වරායවල්, ගුවන් තොටුපොළවල් හදාගෙන ගිය බවත් එක්සත් ජනරජ පෙරමුණේ නායක පාඨලී චම්පික රණවක කියයි.  

මහින්ද රාජපක්ෂ  2012 දී වසර දහයකින් ගෙවන බව කියා ඩොලර් බිලියනයක් (ඩොලර් කෝටි 100). 6.5% හේ පොලියට ගත් බවත් ලංකාව බංකොලොත් වුණේ ඒ ණය ගෙවීමට නොහැකි වීමෙන් බවත් පාඨලී  විසින් හෙළිකර ඇත.

 

WhatsApp Image 2023 12 26 at 14.07.38

 

එක්සත් ජනරජ පෙරමුණේ මාතර දිස්ත්‍රික් දෙවිනුවර ජනරජ සභාව කැකුණදුර ප්‍රාදේශීය සභා ශ්‍රවනාගාරයේදී පසුගිය 23 දින පක්ෂ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක ගේ ප්‍රධානත්වයෙන් පැවැති ජන හමුවකදී ඔහු මේ පිළිබඳව අදහස් දක්වා ඇත.

එහිදී පාඨලී චම්පික රණවක වැඩිදුරටත් දැක්වූ අදහස්;

 

"අපේ හිටපු ජනාධිපතිතුමා, අගමැතිතුමා, ඒ වගේම මුදල් ඇමතිතුමා, මහින්ද රාජපක්ෂ මහත්මයත් මාධ්‍ය නිවේදනයක් දාලා තිබුණා, බදු බර ගැන. එතුමා ප්‍රකාශ කරලා තියෙනවා, මේ බදු බර වැඩියි, මං හිටියා නම් මේක වෙන්නේ නැහැ වගේ කතාවක්. ඇත්තටම මේ අයවැයට එතුමත් පක්ෂව තමයි ඡන්දේ දුන්නේ. දැන් පක්ෂව ඡන්දේ දීලා, එතුමා කියනවා මේ බදු බර වැඩියි කියලා.

 

එතුමා කියලා තියෙනවා මගේ කාලේ මං ණය බර බැස්සුවා 69% ට කියලා ඒ දළ දේශීය නිෂ්පාදනයට සාපේක්ෂව.

 

ඒ කළේ කොහොමද?

ඒක කළේ ණය බර අඩු කිරීමකින් නෙවෙයි.

මොකක්ද කළේ?

පුත්තලම ගල් අඟුරු බලාගාරයේ ණය දැම්මා ගල් අඟුරු සමාගම කියලා පොඩි කොම්පැනියකට. එතකොට පාරවල් හදන ඒවායේ ණය දැම්මා RDA එකට. ජල සම්පාදනයේ ණය දැම්මා, ජල සම්පාදන මණ්ඩලයට. ලංකාවේ ණය හොයද්දී ඔය මණ්ඩල අධිකාරී වලට දාන ණය ආණ්ඩුවේ ණය හැටියට ගණන් ගන්නේ නෑ. ඕක තමයි රහස.

 

පස්සේ මේ යහපාලනය ආවට පස්සේ ඔඩිට් එකක් කරා ලෝක බැංකුවෙන්. කරලා බැලුවා හංගපු ණය මොනවද ජයසුන්දර මහත්තයා කියලා. හංගලා තිබුණා බිලියන 800 ගාණක්.

 

 

මං මහින්ද මහත්තයට බොහොම කරුණාවෙන් කියනවා අනේ ආයේ ඔය හැටනමය කතාව නම් කියන්න එපා. ඊළඟට එතුමා කියනවා මගේ කාලේ 7% වර්ධන වේගයක් කරගෙන ගියාය කියන එක. සමහර අවුරුදු වල එහෙම ලැබුණා ඇත්ත. විශේෂයෙන්ම 2010, 2011 විශාල වර්ධනයක් ලැබුණා.

ඇයි ඒ?

මේ රටේ උතුරු හා නැගෙනහිර කියලා පළාත් දෙකක් තිබුණා. ඒ දෙපළාතේ ආර්ථිකය මේ රටට එකතු වෙලා තිබුන් නෑ. අපේ ආරක්ෂක හමුදා සහ මහින්ද රාජපක්ෂ මහත්තයා ඒකට දේශපාලන නායකත්වය දුන්නා. LTTE ය පරාජය කළාට පස්සේ තමයි ඒ උතුරු හා නැගෙනහිර රටේ ආර්ථිකයෙන් 10%ක් රටට එකතු වෙන්න පටන් ගත්තේ. එතකොට ඉබේම නිකං වර්ධනයක් වගේ මේක පෙනුනා අවුරුද්දක් දෙකක්.

 

 

ඊට පස්සේ එතන වර්ධනය නැවතුණා. අන්න ඊට පස්සේ 6% - 7% පොළියට අවුරුදු දහයෙන් පියවන්නං කියලා ණය අරගෙන ඉදිකිරීම් බුබුලක් හැදුවා. පාරවල් ගොඩනැගිලි, වරායවල්, ගුවන් තොටුපොළවල් හදාගෙන ගියා. එතුමා 2012 දී ඩොලර් බිලියනයක් (ඩොලර් කෝටි 100). 6.5% හේ පොලියට. අවුරුදු දහයකින් ගෙවනවා කියලා. ඒ කියන්නේ 2022 ජූලි 26 වෙනිදා සම්පූර්ණයෙන්ම ණය ගෙවනවා කියලා පොළියට ගත්තා. අපි බංකොලොත් වුණේ ඒ ණය ගෙවාගන්න බැරුව තමයි.

 

මහින්ද මහත්තයාගේ කාලේ වෙච්ච දේ මොකක්ද?

 

එච්චර කාලයක් තිබිච්ච දශම එකේ (0.1%) සහනදායි ණය වෙනුවට කෙටිකාලීන අධික පොලී ණය ගත්තා. ගෝඨාභය මහත්තයට වුණෙත් ඒකයි. සිරිසේන මහත්තයට වුනෙත් ඒකයි. රට බංකොලොත් වෙන එක වළක්වා ගන්න තව අධික පොලියට ණයක් අරගෙන අරක පියවන්න වුණා. ඕක තමයි රටට සිද්ධ වුණේ.

 

ඉතින් අන්තිමට වුණේ මොකක්ද?

 

කවුරුවත් ණය නොදෙන තත්වයක් තුළ රට බංකොලොත් කියලා කියන්න සිද්ධ වුණා. ගෝඨාභය මහත්තයාගේ අවසාන අවුරුද්දේ, ඒ කියන්නේ 2021 එතුමා ආපසු ගෙවපු ණය වලින් 78% ක් අරන් තිබුනේ මහින්ද රාජපක්ෂ මහත්තයා. ගෝඨාභය මහත්තයට වුනෙත් මහින්ද මහත්තයා ගේ ණය ගෙවාගන්න බැරි ප්‍රශ්නය.

 

 

ඉතින් ඒක හින්දා අනේ මහින්ද මහත්තයෝ ආයි නම් මේ වගේ නිවේදන දාන්න යන්න එපා. රටට පේන්න ඉස්සරහ පේලියේම වාඩිවෙලා අයවැයට ඡන්දේ දීලා, පස්සේ මේ බදු බරවල් ගැන කතා කරන්න යන්න එපා."

 

WhatsApp Image 2023 12 26 at 14.07.36

 

මෙම අවස්ථාව සඳහා පක්ෂ දේශපාලන මණ්ඩල සභාපති කරු පරණවිතාන, මාතර දිස්ත්‍රික් සම්බන්ධීකාරක චන්ද්‍රසිරි ලියනගේ ඇතුළු පිරිසක් සහභාගී විය.

ජනහමුව සංවිධානය කළේ දෙවිනුවර ආසන සම්බන්ධීකාරක අනිල් නෙත්තිකුමාර  විසිනි.

 

WhatsApp Image 2023 12 26 at 14.07.39

 

@මාධ්‍ය ඒකකය