SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

නව වසරේ පැවැත්වීමට නියමිත සිම්බාබ්වේ – ශ්‍රී ලංකා තරග සංචාරයට අදාළ ප්‍රවේශ පත්‍ර මේ වනවිට නිකුත් කර ඇතැයි.ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

ඒ අනුව www.srilankacricket යන වෙබ් අඩවියට පිවිසීමෙන් එම ප්‍රවේශපත්‍ර ලබාගත හැකිය.ප්‍රවේශපත්‍ර කවුන්ටරය ජනවාරි 4 දා සිට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේදී විවෘත වේ.

 

එහිදී  ග්‍රෑන්ඩ් ස්ටෑන්ඩ් වර්ගයේ ප්‍රවේශ පත්‍රයක් රු 5,000කට අලෙවි කෙරේ. තරගාවලිය විස්සයි විස්ස තරග 3ක් සහ එක්දින තරග 3කින් සමන්විතය.

 

 

එම තරගාවලිය ජනවාරි මස 6,8 සහ 11 යන දිනවල දිවා රාත්‍රී තරග ලෙස පැවැත්වෙනු ඇත.විස්සයි විස්ස තරග 14,16 සහ 18 යන දිනවල පැවැත්වීමට නියමිතය.මෙම තරගාවලි දෙකම කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රිකට් පිටියේ පැවැත්වෙනු ඇත.

 

 

එමෙන්ම ලබන ජනවාරි 04 වැනි දා සිට තරග පැවැත්වීමට නියමිත කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගණයේ සහ ශ්‍රී ලංකා ක්‍රිකට් (විද්‍යා මාවතේ) කවුන්ටර වලින් ද අදාළ ප්‍රවේශ පත්‍ර මිල දී ගැනීමේ අවස්ථාව උදා වේ.

දෙරට අතර ක්‍රිකට් තරගාවලිය එළඹෙන ජනවාරි 06 වැනිදායින් ආරම්භ වීමට නියමිතයි.

Standing මිල (රු.)

Grand Stand 5000
A-B Upper 1500
A-B Lower 1000
C-D Upper 500
C-D Lower 200
AC Box (Group Package with 16 Seats) 3000 per seat