SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

පහුගිය ඉරිදා රාත්‍රී  කොළඹ ෂැන්ග්‍රිලා හෝටලයේ විශේෂ හමුවක් පැවැත්වුනාලු.

මේකට සහභාගී වෙලා තියෙන්නෙ ජනාධිපතිවරයාත්, සාගල රත්නායකත්, හිටපු ජනාධිපති මහින්දත්, යෝෂිතත්ලු. 

 

මේ හමුවෙන් පහුවදා තමයි  සඳුදා  මහින්ද රාජපක්ෂ පොහොට්ටුවේ යාවජීව නායකයා   නිවේදනයක් නිකුත් කරල තිබුණෙ බදු බර ගැන.

 

‘බදු බර’ ගැන කතාකලාට මහින්ද රාජපක්ෂ ඒකෙදි කිව්වෙ ජාතික මැතිවරණයක් එනකල්  ආණ්ඩුව ආරක්ෂා කරගැනීම පොහොට්ටුවේ වගකීම කියලයි..

 

ජනාධිපතිවරණයට රනිල් නොඉල්ලන බව ස්ථිර වුවත් ඔහු එය නොකියන හේතුව පැහැදිලියි කියලයි බොහෝ පක්ෂ-විපක්ෂ අය රෑට රෑට කතාවෙන්නෙ..

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා නැවත ජනාධිපතිවරණයකට නොඑන බව වේලාසනම කියන්න ගිහින් තමංගෙ කැබිනට් එකවත් පංලනය කරගන්න  බැරිවෙන තරමට  ඔහුව ගනං ගත්තෙ නෑ කියලත් රනිල් දන්නවාලු.

 

රනිල් නොකියන්නේ ඇයි?

 

ඒ ගැන විවිධ පුවත් වාර්තා පහුගිය දිනවල සිට පළවෙලා තිබුණා.

 

ව්‍යවස්ථාවට අනුව 2024 ජනාධිපතිවරණය කැඳවන්න නියමිත ලබන අගෝස්තු මාසයේදීයි. තව ඉතිරි මාස 8ක් විතරයි. 

ඇත්තටම කැම්පේන් එකක් කරන්න මේක කෙටි කාලයක්..

එහෙමනම් ඇයි  ජනාධිපතිවරයාගේ පැත්තෙන්  ඒකට  සූදානමක් නැත්තේ?

පියෝ ගොසිප් තීරයෙන් මේ ගැන ජනාධිපතිවරයාගේ සමීපතමයෙක්ගෙන් ඇහුවම එයා නම් කියන්නෙ අනිවාර්යයෙන් වික්‍රමසිංහ ජනාධිපතිවරයා තරඟ කරනවා කියලයි..

සංවිධාන කටයුතු පටන් ගන්නත් කිව්වලු.

 

ඒ මොනව උනත්  ජනාධිපතිවරයා කරන කියන දේවලින් එවැනි හදිසියක් නොපෙනෙන්නේ ඇයි? ද යන ප්‍රශ්නයට පිළිතුරක්  මව්රට වෙබ් අඩවියේ කපිල පුංචිමාන්නගේ ලියා තිබුණේ  ය.

 

“හිටපු ජනාධිපති ඩී.බී. විජේතුංග මහතාගේ සමයේදී රනිල් මෙය පළමු වතාවට අත්දැක්කේය. ඒ කාලයේදී ගාමිණී දිසානායක නැවත වතාවක් එජාපයට එක්වීමට සාකච්ඡා පවත්වමින් සිටි අතර, ගාමිණී ජනාධිපති අපේක්ෂකයා බවට පත්වන බවටද ඒ කාලයේ ලොකු කැම්පේන් එකක් අරගෙන ගියේය. නමුත් රනිල් සිටියේ ඩී.බී. නැවත ජනාධිපති ධුරය සඳහා තරග වැදිය යුතු බවට වූ ස්ථාවරයේය. ඒ අනුව රනිල් ඇතුළු පිරිසක් ඩී.බී.ට පෙන්වා දුන්නේ ජනාධිපති ධුරයේ සිටියදීම එම බලය උපයෝගී කොට ගෙන ජනාධිපතිවරණය පවත්වා ජයග්‍රහණය කිරීමට සැලසුම් කළ යුතු බවය. නමුත් තවත් පිරිසකයේ අදහස වූයේ පළමුව මහ මැතිවරණය පවත්වා එය ජයගෙන ආණ්ඩුවක් පිහිටුව යුතු යැයි කියාය. අවසානයේදී ඩී.බී. ජනාධිපතිවරණය නොකැඳවා මහ මැතිවරණය කැඳවීමට පියවර ගත්තේය. අන්තිමේදී ඩී.බී. ගත් මෙම වැරැදි දේශපාලන තීන්දුව හේතුවෙන් එජාපය පරාජයට පත්ව හතරගාතේ දා ඇද වැටිණි. පසුව හොඳටම බියවී සිටි ඩී.බී. තමන් ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවන බව කල් තියාම ප්‍රකාශයට පත් කළේය. එතැන් සිට කවුරුත් ඩී.බී.ව ගණන් නොගැනීම නිසා හෙතෙම ඛ්පැ ාමජන ජනාධිපතිවරයකු බවට පත්ව කටයුතු කළ ආකාරයක් දැකගත හැකි විය.

මේ අත්දැකීම හොඳින් දන්නා ජනාධිපතිවරයා ද මේ වන විට කරන බව කියන්නේ තමන් ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවන බව නොකියා ඉදිරිපත් වන බව පෙන්වමින් සිය කටයුතු කරගෙන යාමය.

යම් හෙයකින් තමන් ජනාධිපතිවරණයට නොඑන බව පැවැසුවහොත් තමන් වටේ සිටින කිසිවකුත් තමන් ගණන් නොගන්නා බවද ජනාධිපතිවරයා හොඳ හැටි දනී. ජනාධිපතිවරයාගේ මෙම ශාරීරික ඉරියව් හෙවත් බොඩි ලැන්ග්වේජ් එක හොඳින්ම දන්නා ඔහු සමීපයේ සිටින පිරිස පළමුව මහ මැතිවරණය පැවැත්විය යුතු බවට ජනාධිපතිවරයාට බලපෑම් කරමින් සිටින්නේ මේ හේතුව නිසාය. 

ඔවුන්ගේ සැලසුම වී ඇත්තේ ජනාධිපතිවරයා බලයේ සිටියදීම මහ මැතිවරණයක් කැඳවුවහොත් කෙසේ හෝ පොහොට්ටුව සමග එක්ව එජාපයෙන් කිහිප දෙනකු පාර්ලිමේන්තුවට පැමිණිය හැකි බවට වූ ස්ථාවරයකය. එසේ වුවහොත් සජබය සමග එක්ව හෝ ආණ්ඩුවක් පිහිටුවිය හැකි බව ඔවුන්ගේ ගණන් හැදිල්ල වී තිබේ. 

කෙසේ වෙතත් බැසිල් දැන් තියාම ධම්මිකව ඉදිරියට ගෙන ජනාධිපතිවරණ සටනට සූදානම් වන්නේ රනිල්ගේ මෙම සැලසුම හොඳහැටි දැනගෙනය”.