කතෝලිකයින් අතර අතිශය පූජනීය නගරයක් වන බෙත්ලෙහෙමේ වෙනදා නත්තල් සැමරුම් පැවැත්වූවත් මෙවර නත්තල් සැමරුම් සිදු නොවීම විශේෂත්වයකි.
අද වනවිට බෙත්ලෙහෙම පාලනය වන්නේ පලස්තීන නගරයක් ලෙස ය.
ඒ අනුව, සාම්ප්රදායිකව නගරය තුළ අතිඋත්කර්ෂවත්ව නත්තල සැමරුම් සිදුවුවත්, මේ වනවිට ගාසා තීරයට එල්ල වන ප්රහාරවලට විරෝධය පළකරමින් ඔවුන් මෙවර නත්තල් සැමරුම් අත්හිටුවා තිබේ.
මෑත ඉතිහාසයේ බෙත්ලෙහෙම් නගරය තුළ නත්තල් සැමරුම සිදු නොවන්නේ පළමු වරටය.
ඒ අතර නත්තල් උදාව වෙනුවෙන් ශුද්ධෝත්තම ප්රැන්සිස් පාප් වහන්සේ සහභාගි වන ප්රධාන දේව මෙහෙය වතිකානයේ ශාන්ත පීතර බැසිලිකාවේදී පැවැත්වෙයි.