SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

හුස්ම ගැනීමට අපහසු තත්ත්වයෙන් සහ පෙනහළු ආසාදිත තත්ත්වයකින් මහනුවර ජාතික රෝහලට ඇතුළත් කළ පුද්ගලයකු මියගොස් ඇත.

ඔහුගේ මරණයෙන් පසු සිදු කළ පී.සීආර්. පරීක්ෂණයේදී ඔහු කොවිඩ් ආසාදිතයකු බවට තහවුරු වී ඇති බව මහනුවර ජාතික රෝහල් ආරංචි මාර්ග තහවුරු කරයි.

 

මියගොස් ඇත්තේ ගම්පොළ ඇත්ගාල ප්‍රදේශයේ 65 හැවිරිදි පුද්ගලයෙකි.

කොවිඩ් වසංගතය හමාරවීමෙන් දිගු කාලයකට පසු මෙම මරණය වාර්තා වීම විශේෂ සිදුවීමකි .

මේ වන විට රට තුළ ඔමික්‍රෝන් ජේ.ඒ 1 වයිරසය පැතිර යමින් තිබෙන බවට වෛද්‍ය ජීවන්දර තහවුරු කරයි.