SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

පොහොට්ටුවේ ජනාධිපතිවරණ අපේක්ෂකයන් අතර සිටින ප්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරා පසුගියදා

පාර්ලිමේන්තු මන්ත්‍රීන් 10 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් එක්ක විශේෂ රහසිගත සාකච්ඡාවක් පවත්වලා ලු.

 

ඒ අය අතර හිටපු ජනාධිපති හා ශ්‍රීලනිප නායක මෛත්‍රීපාල සිරිසේනත් ඉන්නවාලු..

 

මෛත්‍රී දැන් ඉන්නේ ශ්‍රිලනිපයේ නායකත්වය පවත්වාගෙන යන්නට නොහැකි අර්බූධයකලු. ඒ පහුගිය කාලෙ පක්ෂය ගැන නොහිතා තමන්ගේ පාස්කු නඩු හබ ටික ගොඩදාගැනීම  වෙනුවෙන් පක්ෂය පාවිච්චි කිරීම නිසාලු. දැන් ශ්‍රිලනිපය කැඩිලා බිඳිලා විසිරිලා ගිහින්ලු. ලංකාවේ ලොකුම පක්ෂ වලින් එකක් වෙච්ච ශ්‍රිලනිපය මේ විදිහට විනාස කර දැමීමේ වගකීම මෛත්‍රී ලොක්ක බාරගන්න ඔින කියලයි ලු පක්ෂයේ ලොකු පුටුවල හිටපු ජ්‍යෙෂ්ට කනිෂ්ට හැමෝගෙම අදහස වෙලා තියෙන්නෙ.

 

මේ හින්ඳ පක්ෂයේ නිර්මාතෘවරයගේ පවුලේ කෙනෙක්ට පක්ෂයේ වගකීම බාරදෙන්නත් ඒකට අවශ්‍ය සම්පූර්ණ බලතල ලබාදෙන්නත් කට්ටිය කතාවෙලා ලු. දැන් ළඟදීම පක්ෂයේ බලය එයා අතට පත්වෙනවලු. මේකෙදි මෛත්‍රී ලොක්කත් එකඟ වෙලාය කියලත් එයාත් ඒ සාක්ච්ඡාවලට සහභාගී වෙලාය කියලත් විස්වාස කටයුතු ආරංචිමාර්ගවලින් පහුගිය දවස්වල අපිට වාර්තා උනා.

 

ඒ අතරෙ බලය නැති උනොත් නඩු හබ ටිකට කේවල් කරන්න හැටියක් නැතිවෙන හින්ඳ මෛත්‍රී ලොක්ක පොහොට්ටුවෙන් ජනාධිපති පුටුවට තරඟ කරන්න එන්න ඉන්න ධම්මික පෙරේරා එක්ක රහස් සාකච්ඡාවකට ගිහින්ලු.

 

ධම්මිකද? චන්ද්‍රිකාද? කියලලු මේ දවස්වල මෛත්‍රී ලොක්කා දෙලොවක් අතර හිරවෙලා ඉන්නෙ..

 

ඒ මොක උනත් ශ්‍රිලනිපයේ බර කරට අරන් පක්ෂය ගොඩගන්න වෙර දරපු  හිටපු මහලේකම් දයාසිරිව පන්නල දාපු එකේ සාපය මෛත්‍රී පස්සෙන් එනව කියලලු පක්ෂයේ කට්ටිය අතන මෙතන කසු කුසු ගාන්නේ..

 

#Gossip