SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

දකුණු පළාතේ බාලිකා පාසල් දෙකක් අතරේ පළමුවරට පැවැත්වීමට නියමිත

‘මිත්‍රත්වයේ හටන’ මහා ක්‍රිකට් සංග්‍රාමය පැවැත්වීම සඳහා එකඟතා ගිවිසුම් අත්සන් කිරීම පසුගියදා වීරකැටිය සිංගප්පූරු මිත්‍රත්ව බාලිකා විද්‍යාලයේදී සිදු විණි.

 

වාර්ෂික ක්‍රිකට් තරගය වීරකැටිය සිංගප්පූරු මිත්‍රත්ව බාලිකා විද්‍යාලය සහ අම්බලන්ගොඩ ප්‍රජාපති ගෝතමී බාලිකා විද්‍යාලය අතර පැවැත්වීමට සැලසුම් කරන බවත් හැකි ඉක්මණින් වාර්ෂික ක්‍රිකට් තරගය ඇරැඹීමට බලාපොරොත්තු වන බවත් එකඟතා ගිවිසුම් අත්සන් කිරීමෙන් අනතුරුව පැවැති මාධ්‍ය හමුවේදී නිවේදනය විණි.

 

මෙම අවස්තාව සඳහා වීරකැටිය සිංගප්පූරු මිත්‍රත්ව බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනී සුමනා රත්නායක සහ අම්බලන්ගොඩ ප්‍රජාපති ගෝතමී බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනී රුවන්ති සිල්වා සහභාගී වූහ.

 

#ARUNA