SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

  • සජිත් නිසා සජබය කැඩෙයි ද?

 

  • පක්ෂ ජ්‍යෙෂ්ඨයින්ගේ විරෝධය...
  • සන්ධන හවුල්කාර සුළුජාතික පක්ෂ නායකයෝ අසතුටින්..

 

  • පිපිරීමක් අතලඟ යැයි පක්ෂය තුළ කතා..

 

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සමගි ජන බලවේග පක්ෂය හා එක්වීමට එකඟ වූ  පුද්ගල කණ්ඩායම් කිහිප දෙනෙක් සමග සමඟ සන්ධානගත වීමට මේ දිනවල සාකච්ඡා පවත්වන බව පක්ෂයේ අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කර ඇත.

 

 

එහිදී හවුල්කාර පාර්ශව ලෙස එක්කර ගැනීමට බලාපොරොත්තුවන ඇතැම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සම්බන්ධව සුලු ජාතික පක්ෂ නියෝජනය කරන රවූෆ් හකීම්, මනෝ ගනේෂන්,  රිෂාඩ් බදුයුදීන් වැනි අය තම අප්‍රසාදය පල කර ඇතැයි වාර්තා වේ.

 

 

මෙහිදී ඔවුන් විශේෂයෙන්ම පෙන්වා දී ඇත්තේ කුරුණෑගල ප්‍රදේශයේ කාන්තාවන් වඳ කල බවට වෛද්‍ය ෂාෆි සහාබ්ඩීන්ට බොරු චෝදනා නගමින් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති කරලීමට පාර කැපූ වියත් මගෙහි චන්න ජයසුමන වැනි අය මෙන්ම  උදය ගම්මන්පිල වැනි අන්ත ජාතිවාදී අදහස් දරන අයවලුන්වත්  සන්ධානයකට එකතු කර ගැනීමට තමන් දැඩි ලෙස විරුද්ධ වන බවයි. එසේ කරන තත්වයක් මත තමන්ට තම ජනතාවට මුහුණ දිය නොහැකි බවත් ඔවුන් පවසා ඇත.

 

සජිත් ප්‍රේමදාස ජනවාරි මාසයේදී ගොඩනැගීමට උත්සාහ කරන සන්ධානයට මේ වන විට ඇතුලතින් මෙන්ම පිටතින් ද විරෝධයන් ගොනු වෙමින් සිටින බව එකී අභ්‍යන්තර ආරංචිමාර්ග අනාවරණය කර ඇත.

 

අදාල සන්ධානයේ මහ ලේකම් ධූරය නාලක ගොඩහේවාට ලබා දීමට පියවර ගෙන තිබීම සජිත් ප්‍රේමදාසටවත් වලක්වා ගත නොහැකි වී තත්වයට දැන් පත්වී ඇති අතර ඒ පිලිබඳව පක්ෂ ජේශ්ඨයෝ තම විරෝධය පල කර ඇත.

 

සජිත් ප්‍රෙමදාසගේ මෙම ක්‍රියා නිසා එම තත්වය ඉදිරියේදි පාර කපනු ඇත්තේ සජබ මන්ත්‍රීවරුන් කීප දෙනෙකු ඇමතිකම් ලබා ගෙන  ආණ්ඩුවට එක්වීමකට බවද, එමගින් රනිල් වික්‍රමසිංහට වඩා වාසිදායක වනු ඇති බවද සජබ හිතවාදීන්ම පැවසුවේය.

නවතම ලිපි