SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

කම්කරු දෙපාර්තමේන්තුවට වසර සියයක් සම්පූර්ණවීම නිමිත්තෙන් නිකුත් කරන ලද සියවස් සමරු මුද්දරය ඊයේ (21) එළි දක්වනු ලැබූ අතර

එහි පළමු මුද්දරය හා මුල් දින කවරය කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර විසින් 1994 වසරේ සිට  2000 වසර දක්වා කම්කරු ඇමැතිවරයා වශයෙන් කටයුතු කළ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ වෙත ප්‍රදානය කරනු ලැබුවේය.

 

හොරණ තක්ෂිලාවේ නිර්මාණයක්..

 

කම්කරු දෙපාර්තමේන්තුවට වසර සියයක් සම්පූර්ණවීම නිමිත්තෙන් පාසල් මට්ටමින් මුද්දර නිර්මාණ තරගයක්  පවත්වා තිබූ අතර එම තරගයෙන් ජයගත් හොරණ තක්ෂිලා මධ්‍ය විද්‍යාලයේ පී.ජී.ඩී. අදීෂා සෙව්නුලි දියණියගේ නිර්මාණය මුද්දරය සදහා යොදාගෙන තිබුණි. එහි දෙවැනි ස්ථානය දිනාගත් එම විද්‍යාලයේම සෙනුලි බිහන්ගා විජේසේකර දියණියගේ නිර්මාණය මුල් දින කවරය ලෙස යොදාගෙන තිබුණි.

 

මෙරට කම්කරු ක්ෂේත්‍රයේ ප්‍රගමනය උදෙසා කටයුතු කළ සියලු දෙනා වෙනුවෙන් මෙම මුද්දරය සහ මුල් දින කවරය නිකුත් කරන බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර සඳහන් කළේය.

 

WhatsApp Image 2023 12 22 at 10.29.51

 

 

කම්කරු ක්ෂේත්‍රය උඩු යටිකුරු කරනවා..

 

කම්කරු දෙපාර්තමේන්තුවට වසර 101ක් ගතවීමට පෙර නව රැකි රක්ෂා පනත ගෙන එමින් මෙරට කම්කරු ක්ෂේත්‍රය උඩු යටිකුරු කිරීමට කටයුතු කරන බවත්, මෙතෙක් කම්කරු ක්ෂේත්‍රයේ පැවති අඩුපාඩු සියල්ලටම විසදුමක් සහ ශ්‍රමයට නිසි ගරුත්වයක් ලබාදීමට නව රැකි රක්ෂා පනත මගින් අවකාශය උදාවන බවද අමාත්‍යවරයා පැවසුවේය.

 

නූතන වැඩ ලෝකයට ගැලෙපන ශ්‍රමිකයින් නිර්මාණය වන, ව්‍යවසායකයින් හා ආයෝජනවලට හිතකරවීමත් සමග ශ්‍රමිකයින් ආරක්ෂා කරන හා ඔවුන්ගේ සමාජ සුබසාධනය පුළුල් කරන යුගයකට ගමන් කරමින් සිටින බවද, නව රැකි රක්ෂා පනත මගින් දියුණු රටක් බිහි කිීමේ මූලික පියවර තබන බවද අමාත්‍යවරයා කීවේය. ඒ සඳහා සියලු දෙනාගේම සහායද අමාත්‍යවරයා ඉල්ලා සිටියේය.

 

 

මහින්දගේ වාර්තාව මනූෂ බිඳියි..

 

WhatsApp Image 2023 12 22 at 10.29.50

 

මෙම අවස්ථාවට එක්ව සිටින හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ කම්කරු ප්‍රඥප්තිය ගෙන ඒම නිසාම ඇමැතිධූරයෙන් ඉවත් කිරීමට ලක්වූ දක්ෂ නායකයෙක් බවද ලාබාලම කම්කරු ඇමැතිවරයා ලෙස ඔහු තැබූ වාර්තාව තමන් විසින් බිඳ දමා ඇති බවද වැඩිදුරටත් අදහස් දැක්වූ මනුෂ නානායක්කාර  පවසයි.

 

@මාධ්‍ය ඒකකය

නවතම ලිපි