SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

එළැඹෙන පැප්තාම්බර් මස 16ත් ඔක්තෝබර් මස 16ත් අතර ජනාධිපතිවරණය පැවැත්වෙන බවත්,

වර්තමාන ජනාධිපතිවරයා මේ මැතිවරණයට තරඟ නොකරන  බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් පවසයි.

 

අද (22) එම පක්ෂ කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පවසා ඇත.

 

සීය කෙනෙක්ව ජනාධිපති කරන්න

අළුත් පරම්පරාව කැමති නැහැ..

 

“වර්තමාන ජනාධිපතිවරයා මේ මැතිවරණයට ඉල්ලන්නෙ නැති බව සක්සුදක් සේ පැහැදිලියි. මොකද ඔහු පොරක් ජනාධිපතිවරණය පැරදුනා. 2010 තුන්වෙනි පාරෙදි පරදින බව දැනගෙන ඉත්තෙක්ව දැම්ම. 4වෙනි පාර ජයග්‍රහණය සඳහා පසුබිම තිබුණත් ඔහුට දිනන්න බැරි බව දැනගෙන ඔහු ඉල්ලුවේ නෑ. වෙන අශ්වයෙක්ව ගෙනත් දාල ඒ අශ්වයගෙ කරපිටට නැග්ග..

 

ඒ වගේම පොදුජන පෙරමුණේ සම්මේලනය දවසෙ ඉතාම පැහැදිලි ව පෙණුන, බැසිල් රාජපක්ෂ හරියටම ඉඟිය ලබාදුන්න ඔවුන්ගේ ජනාධිපති අපේක්ෂකයා ධම්මික පෙරේරා කියල.එතැන පුටු දාල තිබුණු ක්‍රමය තුළ පොදුජන පෙරමුණේ ජ්‍යෙෂ්ඨයි් ඔක්කොටම වඩා ප්‍රමුඛතාවය දීල තිබුණෙ ධම්මික පෙරේරට..

 

ඒ අනුව පොදුජන පෙරමුණේ අපේක්ෂකය ධම්මික පෙරේරා වීමත් එක්ක ජනාධිපති රනිල් වික්‍රමසිංහට ඡන්දය ඉ්ලන්න පක්ෂයක් නෑ..”

 

මරික්කාර් මන්ත්‍රීවරයාගේ සම්පූර්ණ අදහස් දැක්වීම පහතින්...

නවතම ලිපි