SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

  • හිටපු සෙල්ලං ඇමතිව කඩේ යැව්වද? කඩේ ගියාද?

- වැඩ බැරි රොෂාන් සහ වැඩ හැකි හරීන්

  • ඇමතිට කළ තර්ජනය පිටපතේ තිබුණෙම නැද්ද?

- ඒකටත් ජනාධිපති කාර්යාලෙටම යන්න උනානේ..

  • රනිල් වෙනුවට පාඨලී..

- රනිල් භය අනුරටද? පාඨලීටද?

 

 

  • “ෂී හෙල්ප්ඩ් ඉන් ඉලෙක්ෂන්ස්, බට් නොට් ප්‍රොම් මනී ”

- හිටපු ඇමති දයාසිරිගේ හෙළිදරව්ව

 

 ====== == ============ ======

 

හිටපු සෙල්ලං ඇමතිව කඩේ යැව්වද? කඩේ ගියාද?

 

පහුගිය කාලේ දේශපාලන පිටියෙ සතිගානක් රැළි පිට රැළි මැව්වෙ සෙල්ලම් ඇමතිතුමාගෙයි සෙල්ලං අමාත්‍යාංශයෙයි කතා..

දැන් හාහෝවක් නැතිව ඒ ඔක්කොම යට ගිහින්..

මහා වැස්සක් වැහැල පායපු ගානට දැන් සෙල්ලම් ඇමතිතුමාගේ පිටිය තියෙන්නෙ.

කොහොමින් කොහොම හරි ඔත්තුවක් ඇවිත් තියෙනවා පොසිටිව් කතාවක් එක්ක.

ඒ තමයි මාතලේ, කොළඹ හොකී පිට්ටනි හදන්න හෙට වැඩ පටන් ගන්නවා කියල.

රොෂාන් ඇමති ඉන්න කාලෙ දවසින් දවස මේ වැඩේ කල්ගියාලු.

ඒකට ෆන්ඩ්ස් හොයාගන්නත් බැරි උනාලු..

ඒක හදන්න තාක්ෂණික සහාය දෙන්න කොම්පැනියක් ලැබුණෙත් නෑලු.

 

ඔන්න අළුත් සෙල්ලං ඇමති හරීන් නම් රොෂාන් වගේ වැඩ බැරි ටාසන් කෙනෙක් නෙවෙයි කියල ලොකු හාහෝවක් පත්තු කරල.

“රොෂාන් කළේ විවේචනය කරන එක විතරනේ..

එයා ඒකෙන් ඊළඟ ඡන්දෙට ඡන්ද පදනම හදාගන්න බැලුවෙ..”

‍කට්ටිය කියන්න පටන් අරන්..

 

කාරණේ තමයි අර කිව්ව හොකී ක්‍රිඩාංගන දෙකේ ඉදිකිරීම් හෙට පටන් ගන්නවලු..

මාතලෙන්ලු වැඩේ ස්ටාට් කරන්නෙ..

මේකට සමාගමක් හොයාගෙනලු තාක්ෂනික වැඩ වලට.

ආරංචියේ හැටියට ඒ වැඩේ තාක්ෂනික සේවේ ආදාරයක් විදිහටලු සිද්ධවෙන්නෙත්..

ඉදිකිරීම් වැය දරන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයලු..

කොහොමද ඒක?

“ඇමති වෙලා මාසයක් නෑ.. මෑන් වැඩ්ඩ..”

ඔන්න හරීන්ට ලකුණු ගොඩයිලු..

 

ඔය ඔිනාවට වඩා ලකුණු වැටෙනව නේද? හරිම භයානකයි හොඳේ...

කලින් කෙනාට වගේ ජනාධිපති හීනයක් එන්නත් බැරි නැහැ..

 

 

ඇමතිට කළ තර්ජනය පිටපතේ තිබුණෙම නැද්ද?

 

මේ දවස්වල රඟදැක්වෙන්නේ පොලිස් කෝළමලු. අළුතින් පත්වුනු පොලිස්පතිතුමයි, එයාව පත්කරගන්න වෙහෙසුනු ඇමති උන්නැහෙයි එකතු වෙලා ලෙසටම සූටිං එකලු.

ඇත්තටම චිත්තරපටි සංස්ථාව බාරදුන්නනම් මරුය කියල හිතෙන ගානට වැඩේ පත්තු කරනවාලු.

දක්ෂතම නළුවා, ක්‍රියාධර නළුවා, අධ්‍යක්ෂනය, නිෂ්පාදනය, වේශ නිරූපනය, කලා අධ්‍යක්ෂණය මේ ඔක්කොම මෙඩ්ල්ස් මේ දෙන්නටම  හිමිවේවිලු.

දැන් ඇහෙන විදියට ඔක්කොම කුඩු සත්තු පොඩි පොඩි පැල්පත්වලින්, මහල් නිවාස වලින්, අහුවෙනවාය. මහා පරිමාණ උන්දැලානම් අහුවෙන පාටක්ද නැත. තෝරු මෝරු කොහොමත් අහුවෙලාය කියලත් ඒ උන්දැලාගෙන් මෝර සයිස් ගාන වැදෙනාවය කියලත් කට කැඩිච්ච කතානම් එමටය.

 

ඒ මක්කා උනත් එකක් නම් පැහැදිලිය.

වැඩබලන පොලිස්පති වෙන්නත් කලින් තෙන්නකෝන් උන්නැහේගේ කලින් රාජකාරිය තිබුණෙත් මේ පළාත්වලමය. ඒ කාලෙත් ඔය කියන නම් ලිස්ට් තිබුණේය. වැඩේ පරක්කු උනේ ඇයිද කියා දන්නේ නැතිය.

ඒ ගැන කියා  වීඩියෝවක් ප්‍රසිද්ධ කර තිබුණේ  තිබුණේ වෘත්තියෙන් නීතීඥවරියක හා ජර්මනියේ පිහිටවපු  දේශපාලන ආර්ථික අපරාධ අධීක්ෂන ගෝලීය  මධ්‍යස්ථානයේ විධායක අධ්‍යක්ෂවරියක් ය.

 

 

 

ඔන්න ඒ අස්සෙ මහජනයාට ආරක්ෂාව සපයන ඇමතිතුමාටත් තර්ජනයක් ඇවිත්ලු..

තර්ජනය ඇවිත් තියෙන්නේ රටේ ලොක්කගෙම  කාර්යාලයේ ප්‍රසිද්ධ මාධ්‍ය හමුවක් අතරතුරලු. ආපු කෝල් එක ස්පීකර් ඔන් කර රටටම ඇහෙන්න සැලැස්සුවත් මහින්දානන්ද උන්නැහේගේ ලේකම් තුමෙක්ලු..

ඒකනම් ටිකාක් විතර ඇබ්සර්ඩ් ජවනිකාවක් කියල ඔිඩියන්ස් එක කියන්න ගත්තලු.

ඒකත් අහල ඔයාලගෙ අදහස් කොමෙන්ට් කරන්නකො.

සම්මාන දෙද්දි මේව ඔක්කොම බලන්න එපායැ....?

 

 

රනිල් වෙනුවට පාඨලී

 

image patali

 

ජනපති ඡන්ද හටනේ පෙර උණුහුම එන්න එන්නම වැඩිවෙනවාය.

වොල්කැනෝවක් තරමටම නොවුනත් දැන් ගේම් පිටිය ඇදගෙන යන්නේ නිවුස් ප්ලාන්ට්වලින් ය.

සමාජ මාධ්‍යයත් ඉන්නේ ඊට පිටුපසින්ය.

දැන් දැන් ප්‍රභලයින් අතර ගැටුමකට වඩා කව්රු ප්‍රභල වේදැයි හොයා බලා එයාව ඉලක්ක කරගැනීම අරමුණ වෙලාය.

දියවන්නාවේ උසම හාදයා එක්ක එකතු වෙන්න ඉන්න පිරිස වැඩිවෙද්දි ප්ලාන්ට් කරන නිවුසුත් වැඩි වෙලාය.

ඊයේ එක්තරා වෙබ් පිටුවක් කියා තිබුණේ ජනපති රනිල් වෙනුවට පාඨලීව අපේක්ෂකයා කරන බවය.

ඒ වෙබ් පිටුව එම පුවත අරගෙන තිබුණේ ආණ්ඩුවාදී නිවුස් චැනලයකිනි.

 

එහි තිබුණේ මෙවැන්නකි..

 

"ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවට මීළඟ ජනාධිපතිවරණයට අපේක්ෂකයෙකු ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රි පාඨලී චම්පික රණවක ඉදිරිපත් වනු ඇති බවට වාර්තා වනවා.

ඒ, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවීම හේතුවෙන් බවයි නෙත් නිවුස් වාර්තා කොට තිබුනේ."

 

කපන්න බැරි අත ඉඹින නිවුස් ප්ලාන්ට් එකක් මේක කියලා හිතේෂිවන්තයෝ බර බරේය.

 

 

හිටපු ඇමති දයාසිරිගේ හෙළිදරව්ව

 

පහුගිය දවසක් අපේ කට්ටියක් හිටපු කන බොන ප්ලේස් එකක වෙච්ච කතාවක් පියෝ ගොසිප් එකේ පළවුනේය.

එතැනදි ගීගැයිය හැකි දක්සයෙක් වුනු , ශිෂ්‍යයා කාලේ හෑන්ඩ්සම්ම කොල්ලා සම්මානය කෙල්ලන්ගෙ පරපුරෙන් දිනාගත්ත  කුරුණෑගලින් ලොකු ඡන්ද පදනමක් තිබුණ අපේ හිතවත් හිටපු ඇමතිතුමෙක් ගැන කියපු කාරණයක් නිවැරදි කරන්නැයි දැනුම් දී තිබුණේය..

කාපු බීපු වෙලාවට ටේබල් එකට ගත්ත කතා උනත් අපේ ගොසිප් තීරෙ පළවුනාම ඒකෙ හරි වැරැද්ද පෙන්නල දෙන්න කතාකරපු එකම අපි වෙනුවෙන් කළ ලොකු ගෞරවයක් කියලනම් මුලින්ම කියන්න ඔිනය.

ඒ කතාව ඔහුට අනුව නිවැරදි කරන්න නම් උනේ මොකක්ද කියල කියන්නත් වෙනවනේ..

ගොසිප් එකේ කියල තිබුණ,

“ඒ කාලෙ  දයාසිරිටත් එහෙම වියදම් කළ බෝගොල්ලාගමල  හිටිය...”

 යන්න ගැන දයාසිරි මන්ත්‍රීතුමා අපිට කිව්වෙ මෙහෙම කතාවක්ය..

 

“බෝගොල්ලාගම මට ඡන්දවලට වියදම් කරල නැහැ..ලොකු වැරදීමක්...

“ෂී හෙල්ප්ඩ් ඉන් ඉලෙක්ෂන්ස්, බට් නොට් ප්‍රොම් මනී, ෂී වර්ක්ඩ් විත් ද පීප්ල් ඉන් කුරුණෑගල...”

“සෝ කරෙක්ට් ඉට් දෙන්...”

 

ඉතිං අපි ඔහු කියන විදිහට මේ නිවැරදි කිරීම කරනවා..

කොහොම උනත් එයා අපේ මිත්‍රයාය..

යොවුන් වියේ හුගක් කෙල්ලන්ගේ  සිහින කුමාරයාය..

ඒ විතරක් නෙවෙයි,

ලඟදීම අපේ තවත් මිත්‍රයො මේ මිත්‍රයො එකතුවෙලා ඡන්ද හටනටත් ෆේස් කරන්නත් සූදානම් ය..

 

හෙටත් හම්බවෙමුකො.

 

#Gossip

නවතම ලිපි