SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

  • පොදුජන පෙරමුණේ ජනපති අපේක්ෂකයින් හතර දෙනා...
  • ටීබී ජයා මාවතේ මහගෙදර, උරුමකාරයින්ටම ලැබෙයි?
  • නාමල්ගේ සිහිනය...
  • ධම්මික ජවිපෙ සාමාජිකයෙක්ද?
  • ගිලෙන  නැවෙන් එළියට පනින මීයෝ...!

 

 

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ 2024 ජනාධිපති අපේක්ෂකත්වයට නම් හතරක් යෝජනා වී ඇති බව පසුගියදා එම පක්ෂයේ ලේකම් සාගර කාරියවසම් කියල තිබුණා.

ඒ නම් හතර ඔවුන් ප්‍රකාශයට පත්කර නොතිබූණත්  ඒ අතර ප්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරාත් ඉන්න බව ඔහු පිළිගෙන තිබුණා.

 

ඔන්න පියෝ ගොසිප් එකට ලැබුනා පොදුජන පෙරමු‌ණ පක්ෂයේ ඇතුලෙන් නිවුස් එකක්. ඒ තමයි හතර දෙනාගේ නම් ලැයිස්තුව.

ඒ හතර දෙනා වෙන්නේ බැසිල් රාජපක්ෂ, නාමල් රාජපක්ෂ, ධම්මික පෙරේරා සහ රනිල් වික්‍රමසිංහ ලු.

 

බැසිල් ඇමෙරිකාවට ගියේ පක්ෂ සම්මේලනයෙන් පස්සෙ. පක්ෂයේ උත්තරීතර නායකයා බවට මහින්ද පත් වෙද්දි බැසිල්ව ජාතික සංවිධායක විදිහට පත්කළෙත් නැතිව ඒ තනතුර හිස්ව තිබ්බා. කොහොම උනත් බැසිල්  වෙලාවට ආයෙ ලංකාවට ගොඩබහීවි කියලයි එයාගෙ මිත්‍ර සමාගම කියන්නෙ.

 

නාමල් බලාපොරොත්තු වෙන්නෙ පරදින ජනපතිවරණයක් නෙවෙයි. ඒ හින්ඳ එයාට අවශ්‍ය වෙලා තියෙන්නෙ මීළඟ මැතිවරණයෙන් පස්සෙ  විපක්ෂයේ අසුන් ගන්න. ඒ විපක්ෂ නායක වෙලා.

 

අයිඑම්එෆ් උවමනාව ඉටුකරන්න වැට් එක ගහල සවුත්තු වෙලා ඉන්න, ජන පදනමක් නැති රනිල් වික්‍රමසිංහ අසීරු වෙලාවෙ තමුන්ගෙ ජීවිත රැකගත්ත එකට කළගුණ සලකනව විනා, ඒ උනත් නාමල්ගෙ අනාගතය විනාස වෙලා යන විදිහට දේශපාලනය සවුත්තු කරගන්න රාජපක්ෂලා කැමති නැතිලු. ඒ හින්ඳ රනිල් ව පොහොට්ටු අපේක්ෂකයා නොකරන තැනට වැඩ සිද්ධවෙලා. ඒ මදිවට මේ වෙද්දි රනිල්ට කැමති ලන්සලා, කංචනලා, දිලුම්ල, ප්‍රසන්නල ඇතුළු  පිරිස පොහොට්ටුවෙන් වෙන්වෙලා ගානයිලු. ඒ හින්ඳ මහින්ද රනිල්ට පල නොකියා පලා බෙදුවා, ඊයේ පක්ෂයේ මාධ්‍ය නිවේදනයක් දාලා.

 

අන්තිමට ඉතුරු වෙන්නෙ ධම්මික පෙරේරා. ධම්මිකව රාජපක්ෂලට වැදගත් වෙන එක කාරණයක් තමයි ධම්මිකට සල්ලි තිබීම. මැතිවරණයක් නෙවෙයි මොක උනත් රාජපක්ෂලා රැස් කරගෙන ඉන්න සල්ලි නම් ඒ වැඩවලට අදින්න ශිරන්ති නෝන මලාට  ඉඩ දෙන්නෙ නැතිලු. ඒ හින්ඳ පක්ෂෙ බර කරට අරගෙන සල්ලි දාන්නයි, පරදින ජනාධිපතිවරණයට මේ වගේ කෙනෙක්ව දැම්මම රාජපක්ෂ පරම්පරාවට පහුකාලීන අභියෝගයක් නොවෙන්නයි තමයි මූලිකවම ධම්මිකට කට්ටිය කැමැති වෙලා තියෙන්නෙ කියලත් ආරංචියි.

 

දෙවැනි කාරණය ටිකක් දේශපාලනිකයි.

 

ධම්මිකගේ ආර්ථික වැඩ පිළිවෙල ටිකාක් විතර ජවිපෙ විඥානය තියෙන පුරවැසියගේ කැමැත්ත තියෙන වැඩපිළිවෙල වෙනවලු. ඒ කියන්නෙ පරිභෝජනවාදී ආර්ථිකය අවුලක් නැතිව බුක්ති විඳිය හැකි ක්‍රමයක් හදන එක.  ජවිපෙට තරඟයක් දෙන එක තමයි දැන් පක්ෂ විපක්ෂ හැමෝගෙම සටන් පාඨ බිහිවෙන තැන වෙලා තියෙන්නෙ. ඒ හින්ඳත් ධම්මිකව දැමීම සුදුසුය කියලයි තීරණය කරල තියෙන්නෙ.

 

දැන් ඉතිං ප්‍රශ්නය තමයි මොකද මේ වික්‍රමසිංහ උන්නැහේට උනේ කියන එක?

 

බැසිල් රාජපක්ෂගේ දකුණු අත වගේ හිටපු පරණ ජේවීපී සගයෙක් වෙච්ච සිරිපාල අමරසිංහ කියනවලු පොහොට්ටුවෙන් රනිල් නොඑන එක රනිල්ට වාසියක්ය කියල.

එහෙම තමයි ආරංචිය දීපු අය නම් කිව්වෙ.

 

ඒ හින්ඳ පොහොට්ටුවේ අගතීන්වලට නොපැටලී රනිල් ලොක්කට නිර්පාක්ෂික අපේක්ෂකයෙක් (පොදු අපේක්ෂකයෙක් වෙන රනිල්ගේ සිහිනය) විදිහට ඡන්දෙට ආවොත් රට ගලවගනිපු නායකයා විදිහට රනිල් පත්වේවිලු. ප්‍රහසන නළු වජිර  නම් කියල තිබුණෙ රනිල් ලොක්ක කෝටියක ඡන්දවලින් මෙදා සැරේ දිනනවා කියල. ස්පෙලින් මිස්ටේක් එකක්ද දන්නෙත් නැහැ.

 

දුරකථනයෙන් වයර් අදින්න ගියපු රනිල් ලොක්කට ඒ පැත්තෙන් නම් එකමෙක වයර් එකක්වත් අදින්න නොදෙන තරම් සජිත් පරිස්සම් කියලත් ආරංචියි.

 

මේ මොනව උනත් අපි නම් අමතක නොකරන තවත් අභියෝගයක් අතු ඉති දමමින් බිහිවෙනවය කියල ටීබී ජයා මාවත පැත්තෙන් ඇහෙනවලු.

 

අනුර කුමාරට ‌ෆේස් ටු ෆේස් සටනක් දෙන්න ඉතිරිව  ඉන්නෙ එකමෙක නායකයෙක් විතරයි කියලයි  තතු දත් අය කියල තිබුණෙ. ඒ කෙනා බිහිවෙන්නෙ පොදු අපේක්ෂකයෙක් විදිහට බවත්, ලංකාවේ පරණ වැදගත් පක්ෂයක් හරහා එයා ඉදිරිපත් කරන්න වේදිකාව සැකසෙමින් තියෙන බවත්, මහා මොළකාරිනියක් වැඩේ හැන්ඩ්ල් කරන බවත් අපිට ලැබුනු ආරංචිවල තියෙනවා..

 

ඒ මොනවා උනත් ජයා මාවතේ තිබුනු තමුන්ගේ මහගෙදර අයිතිය ආයෙත් මහගෙදර නිර්මාණය කළ පරපුරටම ලැබෙන්න යනවය කියලත්, ඒ ලැබුනට පස්සෙ තමයි ඇත්ත ඡන්ද සටන කරළියට එන්නෙ කියලත් තතු දත්තෝ පවසනවා..

 

මේ අතරෙ රනිල් වික්‍රමසිංහට කඩේ ගියපු මීඩියා කට්ටියක් අළුත් නාඩගමක් පටන් අරගෙනලු.

 

“පහුගිය කාලෙ කට්ටිය අපිට කිව්ව අපි රනිල්ට කඩේ යනව කියල..

අපි රනිල්ට කඩේ ගියේ නැහැ..”

 

ඔන්න ඔහොමලු ගිලෙන නැවෙන් මීයො එකා දෙන්නා මුහුදට පනින්න ගන්නෙ කියල මීඩියා ෆීල්ඩ් එකේම තවත් තරුවක් කිව්වලු..

 

වැඩි දවසක් නෑ..නේ.

බලන් ඉමු.

 

#Gossip

නවතම ලිපි