SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (SLPP) ඉදිරි ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයින් හතර දෙනෙක් නම් කර ඇති බවත් ඒ අය අතරින්  කෙනෙකු ලෙස

ව්‍යාපාරික, පාර්ලිමේන්තු මන්ත්‍රී  ධම්මික පෙරේරා පිළිබඳව ද සාකච්ඡා වන බවත් එහි මහලේකම් සාගර කාරියවසම් පවසයි.

 

වෙබ් අඩවි කිහිපයක් මගින් පසුගියදා වාර්තා කර තිබූ, පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ධම්මික පෙරේරාය යන්න  සම්බන්ධව මාධ්‍ය විසින් නගන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්  ලේකම්වරයා කියා සිටියේ ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් පක්ෂය මෙතෙක් තීරණයක් ගෙන නොමැති බවයි. 

 

 

“ඒ ප්‍රවෘත්තිය සත්‍යයි කියන්නවත්, සත්‍යය නොවේය කියන්නවත් අපිට බැහැ...”‍

 

 

කෙසේ වෙතත්, මේ වන විට නම් කර ඇති අපේක්ෂකයින් අතර සිටින ධම්මික පෙරේරා පිළිබඳව සලකා බලමින් සිටින බව ද ඔහු අනාවරණය කර ඇත.

 

 

බැසිලුත් ජනපති සටනට...

 

 Dammika Basil

 

 

මේ අතර නම් කර ඇති ඉතිරි තිදෙනාගෙන් එක් නමක් වන්නේ බැසිල් රාජපක්ෂ බව අභ්‍යන්තර ආරංචිමාර්ග හරහා අප වෙබ් අඩවිය වෙත මේ වනවිට වාර්තා වී ඇත. ඔහු ඇමෙරිකාවට ගොස් තිබුණද අදාළ කාලයේදී පැමිණ ඒ සඳහා ඉදිරිපත් වනු ඇති බවත්, දැන් රාජපක්ෂවරුන්ට අවශ්‍යව ඇත්තේ එළැඹෙන මැතිවරණයන්ගෙන් විරුද්ධ පක්ෂය  බවට පත්වීම බවද අදාළ ආරංචිමාර්ග සඳහන් කරයි.

 

 

රනිල්ගේ දැළ...

 

 

මේ අතර රටේ පවතින ආර්ථික අර්බූධය මත තබා ඉදිරියේදී ජනාධිපතිවරණයක් නොපවත්වා රනිල් වික්‍රමසිංහ දිගටම ජනාධිපති තනතුරේ රැඳී සිටීමට අවශ්‍ය දැල එළමින් සිටින බවත්, එහෙත් ව්‍යවස්ථාවේ ඒ සඳහා ප්‍රතිපාදන නොපවතින බවත් සාකච්ඡාවට ලක්ව ඇත.

නවතම ලිපි