SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ප්‍රකට ව්‍යාපාරික, පාර්ලිමේන්තු මන්ත්‍රී  ධම්මික පෙරේරා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකකමට පත්කර නැහැයිලු.. ඒ ප්‍රචාර සත්‍ය ඒවා නොවේය කියල  පොහොට්ටුව කියනවා.. (පුවතක්)

ඒත් කට්ටිය නම් කියන්නෙ  පොදුජන පෙරමුණට තම පක්ෂයේ අපේක්ෂකයා කව්ද කියන එක හංගගෙන වැඩි දවසක් ඉන්න බෑ කියලයි..

 

මේ වෙද්දි  ලංකා දේශපාලනයේ සුපුරුදු ක්‍රීඩාව ආරම්භ වෙලා..

ඒ ඔිනෑම මැතිවරණ කාලසීමාවක සිද්ධවෙන ලංකාවේ මහජන නියෝජිතයින් තම  මන්ත්‍රීකම් විකුණන මොහොත  පටන් ගැනීමලු..

මේ වෙද්දි පොහොට්ටුව මෙන්ම සජබයේ  මන්ත්‍රී ආසනත් වෙන්දේසියේ තියෙනවලු.. වැඩි ලංසුවට හිමිකාරත්වය ලබාගන්න පුළුවන් ලු..

 

ප්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරා කියන්නෙ  පොහොට්ටුවේ මූල්‍ය ප්‍රතිපාදන ලබාදෙන්නාය කියල  ප්‍රසිද්ධ කසුකුසුවක් තියෙනවා ය..

 

රාජපක්ෂල මේ පාර ඡන්දෙට ධම්මික උන්නැහේගෙ සල්ලි ටික අදීවිය කියල නම් දැන්  මාධ්‍යයේ තියෙන ප්‍රසිද්ධ රහසක් ඔන්න.

 

ඒ වගේම දුරකථන පාටියෙත්  මේ වගේම මන්ත්‍රීලගෙ විය හියදම් බලාගන්න ආචාරතුමෙක් ගම්පහ පැත්තෙන් සෙට් වෙලාලු..

එයා නිදහසේ ම ඇවිත් තියෙන්නේ නිදහසේම නමත් පන්න ගෙනලු..

හුගක් දෙනා මේ ගැන නම් නිතර නිතර ෂොට් එකක් දාගන්න තැන්වලදි කතා වෙනවය කියන්නේ උන්දැට කොහෙන්ද මේ හැටි සල්ලි කියලලු..

එතැන ඉඳපු සමහරු නම් කියන්නේ,

 

“ ඇයි අර ගිනිගනිපු නැවේ සල්ලි කතාව මතක නැද්ද?” කියලලු..

 

ඒ වගේ කතන්දරයක් නම් පහුගිය කාලෙ දියවන්නා කවුන්සිලයෙයි ඒකෙන් පිට මීඩියා චැනල් එකක හාදයෙකුත් ගෑවීගෙන ඇති උනා තමයි..

ඒත් ඒව දියවන්නාවෙ ඉන්න අපේ විජේ අයිය ගාන කපාගෙන  යටපත් කළාය කියලත් කතාවක් පත්තු උනානේ..

 

“ඔිවයෙ  බෝනගේන් සල්ලිත් තියෙනවලු”

තව කෙනෙක් එහෙමත් කියනවා.

අපි ඉතිං ඔිව ගැන හරියකට දන්නෙ නැහැ..

 

හැබැයි දුරකථන පාටියට දුවන්න සල්ලි පොම්ප කරන මේ ආචාරීතුමාට රටේ ලොකු තැනක් ගන්න තියෙන්නේ මහා හීනයක් කියලනම් ආරංචියි.

 

“මන්ත්‍රීලගෙ වියහියදම් බලාගන්නෙ නැත්නම් ඔය දුරකථන පාටියෙ කාටවත් ඒ පාටියෙ ලොකු තැන එක්ක ඉන්න කිසිම  හේතුවක් නෑ”

දේශපාලන පිටිය ගැන කතා කරන සමහරු නම් කියන්නෙ එහෙම.

 

“ඉතිං දුරකථන පාටියෙ ලොක්ක ආචාරීතුමාගේ මනී වලින් සූදුව කෙළිනවා..”

 

“ඇත්තටම නිදහසෙත් හුගක් මංත්‍රීල දුරකථන පාටියට ගියේ සල්ලි ප්‍රශ්න නිසා.. මේ කාලේ හැමෝටම අමාරුයිනේ..”

 

ඒ මොනව උනත් නිදහසේ නායක තුමායි හිටපු කෝප් සභාපතිතුමායි තව කීප දෙනෙකුයි මනීවලට නම් ගන්න බැරිලු..

 

“ඩලස් ලොක්ක දේශපාලන නායකයෙක් වෙනවට වඩා සාර්ථක පත්තරකාරයෙක් බන්...”

“ලස්සන වචනවලින් ලස්සනට කතාකරන්න එයාට හොඳටම පුළුවන්..”

 

“ඔව් මෑන් තමංගෙ වචනවලටම වශීවෙන ගතියකුත් තියෙනවා.. අපරාදෙ දැන් එයාට තියෙන්නෙ හොඳ දේශපාලන සගයෙක්ව තෝරගෙන තමංගෙ හැකියාවෙන් වැඩක් කරන්න.. සහයෝගය දෙන එක”

කට්ටිය තවත් බෝතලේ පතුලට යද්දි මාතෘකාව අරගෙන ගියේ දයාසිරි ගැන කියන්න..

 

“දයාසිරි ගැන උඹල මොකද කියන්නෙ මචං..?

මෑන්ට හැමදාම තමංගෙ පළාතෙන් තිබ්බ ජන පදනම නම් නැති උනේ නැහැ නේද?”

 

හිස් වෙච්ච බෝතලේ මේසය යටට දාල ඔන්න තවත් මන්ත්‍රීවරයෙක් ටේබල් එකට ගත්ත..

 

“ඒක හරි.. ජනපදනමක් තියෙනවා.. මිනිහ සෑහෙන්න වැඩ කරල තිබුණනේ අර මහ ඇමති වෙලා ඉද්දි..

 

හැබැයි එයත් මුදල් වියදම් කරන්නෙ කව්ද? අන්න ඒ පැත්තට ඇදිල ගියා හැමදාම..

 

එයාගෙ දේශපාලන තීරණය හැදෙන්නෙ කතාකරන දේශපාලන තලයෙදි නෙවෙයි බන්.. කව්ද ප්‍රාග්ධනය සපයන්නෙ කියන තැනදි..”

 

“ඇයි බන් උඹලට මතක නැද්ද 2015 මෛත්‍රී උන්නැහේ අපේක්ෂකය කරද්දි ඔන්න  එනව මෙන්න එනව කියල කැට තියපු දයාසිරි ආවෙ නැහැනෙ.. එයා ගිහින් රාජපක්ෂල එක්ක හිටගත්ත.. ඒ මෛත්‍රීට දිනන්න බෑ කියල හිතලයි ආවෙ නැත්තෙ..”

 

“හැබැයි මෑන් මෛත්‍රී දිනපු ගමන් ඇවිත් සෙට් උනා නේද?

 

“මෙහෙමනේ දැන් ඔය හුගක් මන්ත්‍රීවරුන්ට ස්පොන්සර් කරන බිස්නස්කාරයො ඉන්නවා..ඒ අය තමයි මන්ත්‍රී වියදම් ඔක්කොම බලාකියා ගන්නේ. ඒ කාලෙ  දයාසිරිටත් එහෙම වියදම් කළ බෝගොල්ලාගමල  හිටිය... හැබැයි ඒ බෝගොල්ලාගම නම්  කියල තිබුණ 2015 රාජපක්ෂල වැටෙනවා කියල..කොහෙද ආසයි බයයි තියරියෙ නේ ඉන්නෙ. ඉතිං එදා මෙයා ආවෙ නැහැ”

 

“ඒ උනාට මචං, දැන් රටේ තියෙන තත්වයත් එක්ක මේ වගේ මිනිස්සු වගකීමකින් වැඩකරන්න ඔිනනේ..

 

සමහරවිට එයාටත් හරිහමන් තීරණයක් ගන්න මේ අන්තිම අවස්ථාව වෙන්න පුළුවන්..”

 

 

මේ හුගක් දෙනා කතාකළේ මේ එළැඹෙන මැතිවරණය වෙනුවෙන් ලාභ ප්‍රයෝජන විතරක් හිතපු දේශපාලකයින්ට මෙදා සැරේ  දේශපාලන තීන්දුවක් ගන්න සිද්ධ වේවි කියලයි..

 

 

මේ අතරෙ නිදහස් මාවත පැත්තෙ හිටපු පරණ ලොක්කියක් නම් බරටම වැඩ කියලත් ආරංචියි..

එයා පොදු අපේක්ෂකයෙක් මෙදා පාරත් ගේන්න තමයිලු සැළැස්ම..

 

“මම 2015 න් ඉගෙනගනිපු පාඩම් එක්ක මේ සැරේ වැඩ කරන්නෙ..

ආවට ගියාට රැල්ල තිබුනට මිනිස්සුන්ව පත්කරල වැඩක් නැහැ..

බලය හැදෙනකොට මිනිස්සු ඔිනතරම් පොදිකාවි ඒ පුද්ගලය එක්ක  එකතු වෙන්න..

මේ රටට දැන් උගත් මනුස්සයෙක් ඔින..

මේ ප්‍රශ්න ගැන හොඳ පැහැදිලි කිරීමක් තියෙන කෙනෙක්.”

 

දැන් එතැනට ශ්‍රිලනිපයෙ හැමෝම වගේ ආයෙමත් යන්න අරගෙනලු..

 

ඒ අතරෙ ගම්පහ පැත්තෙ අලගියවන්න කෙනෙක් නිතරම යනව එනවලු.. තව අමරවීරල, නිමල් ගොයියලත් හීන් සීරුවෙ යනව එනව කියල තමයි ආරංචිය..

 

මෛත්‍රී ලොක්කත් පරණ ලොක්කි එක්ක එකඟවෙලාලු..

 

“මට හැබැයි ඔය හදන එකේ ජාතික සංවිධායකකම ඔින..”

ලොක්ක ඉල්ලුවලු..

 

“ නෑ මේකෙ නායකයො දැන්ම පත්කරගන්න ඔින නැහැ..

නායකත්ව මණ්ඩලයකින් වැඩේ ගෙනියන්න ඔින..

හිටපු ලොකු නෝන ගත්කටටම  කිව්වලු.

 

ඒ මොනව උනත් 2015 වගේම තවමත්  මහ මොළකරු වෙන්න උන්දැට නම් පුළුවන්ය කියල එතැනට යන එන අය කතා වෙනවලු..

 

ඒ හින්ඳම අන්තිමේදි තමුන්ගෙ පක්ෂයම ගියපු එකේ  මෛත්‍රී ලොක්කත්  නිදහස් මාවතේ මන්දිරයට යන්න එන්න  පටන් අරන්ලු..

 

 

මේ හැමෝම එකතුවෙලා ගේන්න යන වෘත්තිකයා නම් තවමත් හෙමින් සීරුවෙ, සීරු මාරුවට දියවන්නාවේ ක්‍රම සහ විධි සැළසුම් හදමින් බිසී වෙලා කියලයි අපිට නම් ආරංචිය.

 

 

විස්තර ලැබුන ගමන්ම කියන්නම්..

 

අදට ඇති.

 

#Gossip

නවතම ලිපි