SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

එක්දින ලෝක කුසලානය ජයග්‍රහණය කළ ඔස්ට්‍රේලියානු කණ්ඩයාමේ නායක පැට් කමින්ස් මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් වෙන්දේසියේදි ඉන්දීය රුපියල් කෝටි 20.5කට අලෙවි වී තිබේ.

පැට් කමින්ස් මෙලෙස මිලදී ගෙන ඇත්තේ සන්රයිස් හයිද්‍රාබාද් කණ්ඩායම විසිනි.

 

ඒ අනුව ඉන්දීය ප්‍රිමියර් ලීග් ඉතිහාසයේ මෙතෙක් වැඩිම මිලකට අලෙවි වී ඇති ක්‍රීඩකයා බවට ද පැට් කමින්ස් පත්ව තිබේ.

එම මුදල ඇමෙරිකානු ඩොලර් මිලියන 2.4කි.

 

අද පස්වරු 1.00ට ආරම්භ කෙරුණ ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රීඩක වෙන්දේසියෙදී අලෙවි වූ අනෙක් ක්‍රීඩකයින්ගේ තොරතුරු පහතින්,

 

ඩැරිල් මිචෙල් - චෙන්නායි සුපර් කිංග්ස් - අමෙරිකානු ඩොලර් 1,687,000

හර්ෂාල් පටෙල් - පන්ජාබ් කිංග්ස් - අමෙරිකානු ඩොලර් 1,412,000

රොවුමන් පවෙල් - රාජස්ථාන් රෝයල් - අමෙරිකානු ඩොලර් 890,000

ට්‍රැවිස් හෙඩ් - සන්රයිසර්ස් හයිඩ්‍රාබාද් - අමෙරිකානු ඩොලර් 819,000 

ජෙරල්ඩ් කොඑට්සී - මුම්බායි ඉන්දියන්ස් - අමෙරිකානු ඩොලර් 602,000

ශාඩුල් තකූර් - චෙන්නායි සුපර් කිංග්ස් - අමෙරිකානු ඩොලර් 482,000

හැරී බෘෘක් - දිල්ලි කැපිටල්ස් - අමෙරිකානු ඩොලර් 480,000

රචින් රවින්ද්‍රා - චෙන්නයි සුපර් කිංග්ස් - අමෙරිකානු ඩොලර් 217,000

අස්මතුල්ලා ඔමර්සායි - ගුජරාට් ටයිටන්ස් - අමෙරිකානු ඩොලර් 60,000

වනිඳු හසරංග - සන්රයිසර්ස් හයිඩ්‍රාබාද් - අමෙරිකානු ඩොලර් 181,000

ඩිල්ශාන් මධුශංක - මුම්බායි ඉන්දියන්ස් - අමෙරිකානු ඩොලර් 554,000

 

 

එහිදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වනිඳු හසරංගව සන්රයිසර්ස් හයිඩ්‍රාබාද් කණ්ඩායම විසින් මිල දී ගෙන තිබෙන්නේ ඇමෙරිකානු ඩොලර් 181,000කටය.

ශ්‍රී ලංකා මුදලින් එහි වටිනාකම රුපියල් මිලියන 48ක් පමණ වේ.

 

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් වෙන්දේසියේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ඩිල්ශාන් මධුශංක මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම විසින් මිලදීගෙන තිබේ.

ඒ, ඉන්දීය රුපියල් කෝටි 4.60ක මුදලකටය.

 

එය ආසන්න වශයෙන් අමෙරිකානු ඩොලර් 554,000කි.

 

@aruna

නවතම ලිපි