SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

18 වනදා  රාත්‍රියේ වයඹ දිග චීනයේ ටිබෙට් සහ ලෝස් සානුව අතර වන අතර මොංගෝලියාවට මායිම්ව පිහිටා ඇති ගනසු පළාතට ඇතිවූ 5.9 ක ප්‍රබලත්වයෙන් යුත් භූමිකම්පාව හේතුවෙන්

පුද්ගලයන් 111 දෙනෙකු මිය ගොස් තවත් 220 දෙනෙකු තුවාල ලබා ඇති බව එරට රාජ්‍ය මාධ්‍ය වාර්තා කර තිබේ.

 

 

 

 

ප්‍රධාන භූමිකම්පාවෙන් පැය කිහිපයකට පසු රිච්ටමාපකයේ 5.5ක ප්‍රබලත්වයකින් යුත් දෙවන භූමිකම්පාවක් ෂින්ජියැන් පළාතට ඇතිව ඇති අතර ඉන් සිදු වූ ක්ෂනික හානිය තවමත් තක්සේරු කර නොමැත.

 

 

china earthquack 2

 

චීන ජනාධිපති ෂී ජින්පින්ග් චීනයේ දුප්පත්ම කලාපයක් වන ගන්සු වෙත පූර්ණ ගලවා ගැනීමේ ප්‍රයත්නයන්ට නියෝග කර ඇති අතර ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබුණේ, සෝදිසි කිරීම සහ ගලවා ගැනීම් මඟින් තුවාලකරුවන්ට කාලෝචිත ආකාරයකින් ප්‍රතිකාර කිරීම සහ ජීවිත හානි අවම කිරීම සඳහා සියලු උත්සාහයන් ගත යුතු බවයි.

 

china earthquack3china earthquack 4webpchina earthquack 6jpg

(LNW news)

නවතම ලිපි