SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ක්‍රිකට් නව තේරීම් කමිටුවේ නවීන සහ උපායශීලී සැලසුම් මත මෙරට ක්‍රිකට් ක්‍රීඩාව නැවත පෙරලිකාර  තැනකට ඔසවා තැබීමට හැකි වන බව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පවසයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව සමග ක්‍රීඩා අමාත්‍යවරයා කළ  සාකච්ඡාවකින් අනතුරුව ප්‍රකාශයක් කරමින් හරීන් ප්‍රනාන්දු එසේ කියා ඇත.

 

ශ්‍රී ලංකා ක්‍රිකට් ඉහළ කාර්යසාධන මධ්‍යස්ථානයේ ප්‍රධානී සනත් ජයසූරිය මෙන්ම නව ක්‍රිකට් තේරීම් කමිටු සාමාජිකයෝ එම සාකච්ඡාවට සහභාගී වී ඇත.

 

හරීන්  ප්‍රනාන්දු අමාත්‍යවරයා එහිදී පැවසූයේ ජනාධිපතිවරයා ටිකෙන් ටික රට ඉහළට ඔසවන අයුරින්  රටේ ක්‍රීඩා ක්ෂේත්‍රය ඉදිරියට ගැනීම තම අරමුණ බවයි.

මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ගොඩගන්න පුළුවන් ක්‍රමය පිළිබඳව හිටපු ක්‍රීඩක වත්මන් ජාත්‍යන්තර  ක්‍රිකට් විනිසුරුවෙක් වන කුමාර් ධර්මසේන කියා ඇත.

 

Kuma darmasena

 

ශ්‍රී ලංකා ක්‍රිකට් ගොඩනැගීමට නම් අවම වශයෙන් වසර 10ක වත් සැලැස්මකට අනුව කටයුතු කළ යුතු බව ඔහු පවසයි.

පසුගියදා (17) අයගම ප්‍රදේශයේ පැවති වැඩසටහනකට සහභාගි වෙමින් ඔහු පවසා ඇත්තේ ශ්‍රී ලංකාවේ ක්‍රිකට් වර්ථමානයේ පසුබෑමක් තිබුණ ද එය අනාගතයේදී යළි යථා තත්ත්වයට පැමිණෙනු ඇති බවට බලාපොරොත්තු වන බවයි.

 

"මම හිතන්නේ නම් සිලෙක්ෂන් කමිටි එකේ ඉන්න ඔළුගෙඩි ටික මරු කළා කියලා වෙනසක් වෙන්නේ නෑ. සාමාන්‍යයෙන් අවුරුදු 3, 4කට පසුව සිලෙක්ෂන් කමිටි එකක් මාරු වුණාට කමන් නෑ. හැබැයි මම පෞද්ගලිකව හිතනවා ප්‍රතිපත්තියක් තියෙන්න ඕනේ අවුරුදු 10ක. අපි කණ්ඩායමේ නායකයෙක් හදනවා නම් ඒ නායකයා අවුරුදු 5කටවත් නායකත්වය දරා ගැනීමට හැකි නායකත්වයට සුදුසු පුද්ගලයෙක් හැටියට තමයි අපි හොයාගන්න ඕනේ. අපි ඊළඟ 2027 එකට හොඳ නායකයා හොයා ගන්න ඕනේ.

මම පෞද්ගලිකව හිතන දෙයක් තමයි ක්‍රිකට් කියන දෙය කවදාවක් වැළලෙන්නේ නෑ. ඒ ක්‍රීඩාව හැමදාම තියෙයි. මේ දවස් වල පොඩි පසුබෑමක් තියෙනවා. මම හිතනවා ඒ පසුබෑම අනාගතයේ දී හරි යයි කියලා. අපේ පරණ ක්‍රීඩකයෝ සනත් ජයසූරිය එහෙම එකතුවෙලා තියෙනවා. එකෙන් අලුත් පිබිදීමක් එයි කියලා බලාපොරොත්තු වෙනවා. සැලැස්මක් එක්ක ගියොත් වැඩිකල් යන්න කලින් අපිට ඉස්සරහට එන්න පුළුවන්."

නවතම ලිපි