SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

රනිල් වික්‍රමසිංහ ලබන ජනපතිවරණයෙන් ඡන්ද ලක්ෂ සීයක් ගෙන ජනපති පුටුවේ වාඩිවෙන බව තමා ප්‍රකාශ කළේ විහිළුවට හෝ ආවට ගියාට නොව

ඔහු යන ගමන ගැන පැහැදිලි දැක්මකින් බව එක්සත් ජාතික පක්ෂයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන පවසයි.

 

ජනාධිපති රනිල් හුදෙක් දේශපාලකයකුට එහා ගිය ආර්ථික විශේෂඥයකු නිසා ලබන අප්‍රේල් වන විට රට තිබිය යුතු තැන ගැන පැහැදිලි දැක්මක් සහිතව කටයුතු කරන බව කියන වජිර රනිල් නැවත ජනාධිපති පුටුවේ වාඩි වන්නේ මෙතෙක් ඉතිහාසයේ කිසිම ජනාධිපතිවරයකු නොලැබූ තරම් ඡන්ද ප්‍රමාණයක් ලබාගෙන යැයි සඳහන් කරයි.

 

පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් වජිර අබේවර්ධන මේ බව සඳහන් කර ඇත.

 

වජිර අබේවර්ධන කියන කරන  දේ කිසිවෙකුත් වගකිව යුතු කතා සේ බාර නොගන්නා මුත් ඔහු විපක්ෂය සම්බන්ධයෙන් කියා ඇති කාරණය පිළිබඳසිතිය යුතු කාරණයක් බැව් විචාරකයින්ගේ අදහස වී ඇත.

 

 

"දැන් තිබෙන විපක්ෂයත් අපේ" යැයි කී එජාප සභාපතිවරයා අනුර කුමාරගේ ප්‍රධානත්වයෙන් විරුද්ධ පක්ෂයක් තිබෙන්නේ යැයි ද මැතිවරණයකදී ඇත්ත විරුද්ධ පක්ෂය ජනතාව විසින් තෝරා ගනු ඇතැයිද කීය.

 

 

අවසාන මොහොතේ සියලු දේශපාලන පක්ෂ එක තැනකට පැමිණෙනු ඇතැයි ද වජිර අබේවර්ධන කළේය.

නවතම ලිපි