SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

නිදහස ජනතා සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහපෙරුම පවසන්නේ

සමගි ජන බලවේගය (SJB) සමඟ සන්ධානගත වීම සම්බන්ධයෙන් තම මන්ත්‍රී කණ්ඩායමේ සාමාජිකයින්ට විවිධ අදහස් ඇති බවය.

 

අලහප්පෙරුම මනත්‍රීවරයා මේ බව කියා ඇත්තේ ඩේලි මිරර් පුවත්පතට අදහස් දක්වමිනි. තම කණ්ඩායමේ සාමාජිකයින් කිහිප දෙනෙකු නුදුරේදීම SJB සමග එක්වීමට නියමිත බවට පළ වූ මාධ්‍ය වාර්තා පිළිබඳවව අදහස් දක්වන මන්ත්‍රීවරයා  ජී එල් පීරිස්, ඩිලාන් පෙරේරා, නාලක ගොඩහේවා සහ චන්න ජයසුමන යන මන්ත්‍රීවරුන් SJB වෙත එක්වීමට සූදානමින් ඇති බව කියා ඇත.

 

 

"අපගේ කණ්ඩායමේ සාමාජිකයන් විවිධ අදහස් දරනවා. පක්‍ෂයක් ප‍්‍රජාතන්ත‍්‍රවාදීව කටයුතු කරන විට මෙය ස්වභාවිකයි. අපේ කණ්ඩායමේ බෙදීම් තියෙනවා, නමුත් අපි අතර ගැටුමක් නැහැ,"

ඔහු ඩේලි මිරර් වෙත පවසා ඇත.

 

 

මේ අතර, මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා කියා සිටියේ තම පක්ෂයේ ප්‍රතිපත්ති පිළිගන්නා පිරිසිදු පිරිස පමණක් එක්කරගත යුතු බවය.

නවතම ලිපි