SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ඉදිරි ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයා වශයෙන්

පාර්ලිමේන්තු මන්ත්‍රී ධම්මික පෙරේරා ව ඉදිරිපත් කිරීමට තීරණය කර ඇත.

 

ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික ක්ෂේත්‍රය තුළ අංක එකට පැමිණි ධම්මික පෙරේරා දෙස් – විදෙස් ක්ෂේත්‍ර ගණනාවක ආයෝජන කටයුතු සිදුකර ඇති, ඒ ඔස්සේම ආර්ථිකයේ ක්ෂේත්‍ර ගණනාවක් ගැන හැදෑරීම් කර අත්දැකීම් ද ඇති අයෙකි.

 

එසේම ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන බව කියැවෙන අපේක්ෂකයින් අතරින් ශ්‍රී ලංකාවේ ආර්ථිකය සංවර්ධනය කිරීම සඳහා නිශ්චිත, ප්‍රායෝගික වැඩපිළිවෙලක් සමග ක්‍රියාකාරී සැලැස්මක් ඉදිරිපත් කර ඇත්තේ ද ධම්මික පෙරේරා පමණක් බවට මාධ්‍ය වාර්තා පළව ඇත.

 

ඔහු විසින් 2019 වසරේදී ආරම්භ කරන ලද ඩීපී එඩියුකේෂන් සමාජ සත්කාරක වැඩසටහන ඔස්සේ මෙරට පාසල් දරු දැරියන් ලක්ෂ 15කට අධික සංඛ්‍යාවකට අධ්‍යාපනය ලබාදෙමින් සිටින අතර තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ රැකියා මිලියනයක් බිහිකිරීමේ අරමුණින් 2023 වසරේදී ආරම්භ කළ ඩීපී එඩියුකේෂන් අයි.ටී. කැම්පස් වැඩසටහන ඔස්සේ තවත් මේ වනවිට සිසුන් ලක්ෂ දෙකකට අධික ප්‍රමාණයකට රැකියා ඉලක්කගත පරිගණක භාෂා අධ්‍යාපනයක් ලබාදෙයි.

 

@LNW

නවතම ලිපි