SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ලෙස පත්කිරීමට විරුද්ධ වූ ප්‍රමුඛපෙළේ නීතිඥයින්

බිලියන ගණනින් මුදල් ගෙන කුඩු ජාලයේ අය වෙනුවෙන් අධිකරණයේ පෙනී සිට ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් පවසයි.  

 

මාතර පොලිස් කොට්ඨාසයේ පැවති වැඩසටහනක දී අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

 

එහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ පසුගිය අරගල සමයේ අරගල කරුවන් සමග ගැටෙමින් සිටි බැවින් පොලීසියට මත්ද්‍රව්‍ය සහ පාතාලය සම්බන්ධයෙන් කටයුතු කිරීමට කාලයක් නොතිබුණ බවත් මේ හේතුවෙන් එම ක්‍රියාකාරකම් රට තුල වර්ධනය වූ බවත්ය.

 

දේශබන්දු දෙන්නකෝන් මහතා පොලිස්පති කිරීමට වෙහෙසුනේ තමන් බවට සමාජ මාධ්‍ය වල වාර්තා පළවූ බවත් එය සත්‍යයක් බවත් පැවසූ අමාත්‍යවරයා තමනට අවශ්‍ය වූයේ කොළඹ ප්‍රශ්න විසඳූ ආකාරයටම රටේම ප්‍රශ්න විසඳීමට බවත් වත්මන් පොලිස්පතිවරයා සමග එම ප්‍රශ්න විසඳිය හැකි බව තමන් විශ්වාස කරන බවත් හෙතෙම කියා සිටියේය.

නවතම ලිපි