SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

සමගි ජන බලවේගය සමඟ එක්ව ඉදිරියේදී පුළුල් විපක්ෂ බලයක් ගොඩනගන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල්. පීරිස් කියයි.

 

ඔහු මේ බව කියා ඇත්තේ අද ගැටඹේ රජමහා විහාරයට පැමිණි මොහොතේ මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

 

 

ජී.එල් පීරිස් යනු රාජපක්ෂවරුන් සමග අවසන් මොහොත දක්වාම එක්ව ක්‍රියාකළ සහ එම ආණ්ඩුවේ ක්‍රියාවන්ට පක්ෂපාතීව කටයුතු කළ අවසන් මොහොතේ ඩලස් පිල සමග එක්වූ රාජපක්ෂවාදියෙකු බව බොහෝ විචාරකයින්ගේ මතය වී ඇත.

 

 

ඒ අනුව මෙවර සජිත් ප්‍රේමදාස ජී එල් පීරිස්ට අගමැති තනතුර ප්‍රධානය කිරීම වැනි පොරොන්දුවක් ලබාදීම තුළ බලය ලබාගැනීම පමණක් ප්‍රම්‍රඛ කරගත් සමගි ජන බලවේගය පක්ෂය පාවාදීමක් බව එම පක්ෂ අභ්‍යන්තරයෙන්ම විරෝධතාවන් මතුව ඇතැයි ආරංචිමාර්ග පවසයි.

 

මේ අතර ආණ්ඩු පක්ෂයේ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 25 දෙනෙකු ඉදිරියේදී සමගි ජන බලවේගය සමඟ එක්වීමට තීරණය කර ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ සඳහන් කරයි.

 

මෙම පිරිස පසුගිය මහ මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් තරග කර පාර්ලිමේන්තුවට තේරී පත් වූ අය බවද හෙතෙම පැවසීය.

 

මේ අය අතර සජබයෙන් පාර්ලිමේන්තුවට පත්කළ මන්ත්‍රීවරයෙකු වන දැනට අමාත්‍යධූරයක් දරන්නෙකුද ඇතැයි පක්ෂ අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරයි.

නවතම ලිපි