SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

2025 වනවිට රජයේ ආදායම් ඉලක්ක සපුරා ගැනීම සඳහා ලබන වසරේ සිට දේපළ බද්ද ක්‍රියාත්මක කිරීම ඉතාම අනිවාර්ය කරුණක් බව

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාව භාර දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් සඳහන් කළ බව බ්‍රිතාන්‍ය ගුවන් විදුලිය (BBC) වාර්තා කරයි.

 

ඊට පෙර රටේ සියලු දේපළ නිසි ලෙස තක්සේරු කළ යුතු බවත් අනතුරුව ඒ සඳහා බදු අයකළ යුතු බවත් ඔහු සඳහන් කර ඇත. එසේම බදු අයකරන දේපළ නිසි ලෙස ලියාපදිංචි කර තිබීමද අවශ්‍ය බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ තීරණයකි.

 

මූල්‍ය අරමුදල මෙලෙස නිර්දේශ කරන්නේ මෙතෙක් ශ්‍රී ලංකාව අපේක්ෂිත බදු ආදායම් ඉලක්ක සපුරා නැති බැවින් යැයි ද BBC වාර්තාවෙහි සඳහන්ය.

 

මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට වෙන්කළ ඇමෙරිකානු ඩොලර් කෝටි 290ක විස්තීර්ණ ණය මුදලින් මේ වන විට වාරික දෙකකදී ඩොලර් මිලියන 670ක් ලබා දී තිබේ. ඉදිරි ණය වාරික අනුමත කිරීමට පෙර ලබන මාර්තු/ අප්‍රේල් අතර මීළඟ සමාලෝචනය සිදුකිරීමට නියමිතය.

 

බටහිර ජාතිකයින්ගේ කියමනක් වන උපතේ සිට මරණය දක්වා නොවෙනස් හා අත්මිදිය නොහැකි නොහැකි එකම දෙය බදු ය  යන්න, ශ්‍රී ලංකා ජන ජීවිතයටද අත්කර දීමට වික්‍රමසිංහ ආණ්ඩුව කැපවී ක්‍රියාකරන්නේ යැයි විචාරකයින්ගේ අදහස වී ඇත.

 

නවතම ලිපි