SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

පහුගිය දවසක අපේ ගොසිප් එකකින් කිව්ව යූඇන්පීය එළැඹෙන ඡන්දවලට වැඩ පටන් ගන්නේ ජනවාරි පළවෙනිදායින් පස්සෙ හිටන් කියලාය..

ඔන්න දැන් තියාම ඒකට පිඹුරුපත් හැදෙනවාය.

 

පොහොට්ටුවේ පොදු අපේක්ෂකයා රනිල්ද? යූඇන්පීයෙ අපේක්ෂකයා රනිල් ද? නැත්නම් දෙක එක්තැන්ව පක්ෂ දෙකම දියකර පාකර හරිනවාද කියන එක ගැන තවම හාන්කවිසියක වචනයක් දෙගොල්ලොම නොකියන මොහොතක මේවා  සිද්ධවෙන්නේය..

 

දැන් රවී උන්නැහේට මහලේකම් වෙලා තමුන්ගේ තියෙන ඔක්කොම හයිය පාවිච්චි කරලා යූඇන්පීය ගොඩගන්න පුළුවන්ය..

 

ඒත් රවී උන්නැහේට නොතේරෙන කාරණය නම්  සජබ- යූඇන්පී එකතු නොවෙන්න මෙදාපාර යූඇන්පීය හේදිලාම යනවය කියලාය.

සමහරවිට මලික් උන්නැහේ හරහා මේ වෙද්දි ඒකටත් උමං මාර්ගයක් හදලද දන්නෙත් නැතිය..

 

මොනවා උනත්  සජිත් උන්නැහේ‌ නම් තමුන්ගෙ ජනාධිපති අපේක්ෂකකම තියා විපක්ෂ නායකකමවත් ලේසියෙන් වෙනත් කෙනෙකුට දෙනවා බොරුය..

 

රවීලට මලික්ලට  ඒකටත් සැලැස්මක් තියාගන්න සිදුවෙනවාය..

ඒකට හේතුව වෙන්නේ  සජබයෙ බර කරට අරන් දුවන නලින් බණ්ඩාරලා, මරික්කාර්ලා, කිරිඇල්ලලා වගේ කිහිපදෙනෙක් විතරයි මේ වෙද්දි කකුල් දෙක පක්ෂ දෙකේ රඳවගෙන නොඉන්නෙ කියලාලු.

ඒගොල්ලො උපරිම සපෝට් එක මොන මෝල් වැඩේ කලත් සජිත් උන්නැහේට දෙනවාලු..

ගම්මිරිස් ඇටයක් වගේ කටසැර මරික්කාර්ව නම් රනිල් ලොක්ක එයා ලඟට ගන්න සෑහෙන මහන්සියක් ගත්ත කියලත් ආරංචිය.

 

“මේ මරික්කාර් මන්ත්‍රීතුමාව දේසපාලනේට ගෙනාවෙ මම. ඔයා අයිති මට..ඔයා අපේ පැත්තට ඇවිත් දේශපාලනය කරන්න..”

 

මේ වගේ කතා පාර්ලිමේන්තුවෙ සභා ගර්භයෙදි වගේම ලොබියේදීත් අනේක වාරයක් රනිල් උන්නැහේ කියල තියෙනවලු..

හැබැයි ඒ ගෙන්න ගන්නවටත් විරුද්ධ ඒ පැත්තෙන් මේ පැත්තට ආපු රනිල් ලඟම  අය කැමතිත් නැතිලු..

 

“හපෝ එයා සජිත්ව දාල එන්නෙ නැහැ..

එන්න හැදුවොත් සජිත් තවත් තනතුරක් දේවි..

එයාට ඔින තනතුරු විතරයි..”

 

ඒත් මරික්කාර් නම් රනිල් උන්නැහේට ලෙසටම දෙසනවාය..

 

මේ කතා මොනව උනත් සජබය දැන් ඉන්නෙත් ඊළඟ මැතිවරණ ජය අරන් වගේය..

ඒත් මේ පෙනෙන තලයෙ පක්ෂ ගැන කතා යද්දි නොපෙනෙන බලවේගයක් ඇතිවෙමින් යනවය කියල හැම පැත්තෙන්ම කසු කුසුය..

 

දේශපාලනයේ මහමොළ කරුවෙක් විදිහට සුප්‍රසිද්ධ කාන්තාවකුත් මේ වැඩේ අතට අරගෙන ඉන්නවාලුය..

 

කව්රු මොනවා කිව්වත් එයාගේ පරණ පක්ෂයේ කට්ටිය නම් තවමත් එයා කියන දේවල් අහන්න තරම් ලෙන්ගතුයිලු..

හිටං උන්නැහේත් සභාපතිකම දෙන්න බෑ බෑ කිව්වට මොකද මේ වැඩේදි ලෙංගතුයිලු..

ඒ, උන්නැහේට නැවත වරක් ජනාධිපතිකම කොරන්න ලැබෙන්නෙ නෑ කියල තේරුම් යනවනම් පක්ෂයටත් හොඳය..

ඒ මොනව උනත් පරණ පක්ෂයෙ සෑහෙන පිරිසකුත් පොදු සන්ධානයට සෙට් වෙලාලුය..

කොහොම උනත් දෙකඩ වෙන නිදහස ජනතා සභාවෙ වැඩි පිරිස මේ කියන සන්දානයට එක් වුනත්, සජබයට යන ආචාර්ය මහාචාර්යවරු අතේලු නිදහස නමේ අයිතිය තියෙන්නෙ..

 

ගොඩහේවගෙ නම ගනිද්දිම වේලාසනම  අපිට ඒ ගැන හිතුනේය.... මේව මෙහෙම වෙයි කියලා, කලින් කිව්වදත් කොහෙදය..

 

මොකද රනිල් උන්නැහේ පාර්ලිමේන්තු ඇතුලෙ ඡන්දයෙන් දිනද්දි ඔය ගම්පහ පැත්තෙ ආචාර්ය කෙනෙක්ගෙ වීක් පොයින්ට් එකක් හින්ඳලු ඒ පැත්තෙන් මේ පැත්තට එන්න එකඟ වෙච්ච අයගෙ නම් හෙළි උනේ කියලත් කතාවක් තියෙනවාය..

 

ඒ නම් හෙළිදරව් උනාට පස්සෙලු උන්දැලව බර දාපු බිලී කොකු වලින් ආපස්සට ඇදල ගත්තෙ ලු..

 

එහෙම නැතිව ඔය නිදහසේ කට්ටිය හිතාගෙන හිටපු පොළොන්නරුව පැත්තෙ සෙල්ලම් කරපු හාදය නිසානම් නෙවෙයිලු...

මේව ඉතිං දැන් පරණ කතා..ය.

 

අපේ පරණ මුතුන් මිත්තොත් කියල තිබුණේ  ගිය හකුරට නාඩන්නෙ තියෙන හකුර රැකගන්නේ.. කියලාය...

 

දැන් ඉතිං ඔය සන්දානයෙදිවත් පරණ කෝන්තර අමතක කලොත් හොඳයිලු ඔින්න..

     

මේ මොනවා උනත් යූඇන්පීය ගොඩදාන්න රනිල් උන්නැහේට අනුව ඉන්න එකම ප්‍රධානී ජනාධිපති කාර්යාලයේ වැඩ වලට හිර කරන්න බැරි හින්ඳ ඔන්න දැන් ඒක වෙනස් කරන්න තීරණය කරාලු.

 

දේශය පත්තරේ විස්තරේ උනෙත් ඒ ගැනය. ජනාධිපති කාර්යාලයේ නව කාර්ය මණ්ඩල ප්‍රධානියා ලෙස නිහාල් රණසිංහ පත්කෙරේවි කියලාය.

 

 

එතුමා මේ තනතුරට පත් කෙරෙන්නේ වත්මන් කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ජනාධිපතිවරණ මෙහෙයුම් ප්‍රධානියා ලෙස පත්වීමෙන් අනතුරුව කියලත් හේතු සාධක කියල තියෙනවාය..

 

 

හැම දෙයක් අස්සේම දුවන්නේ ළබැඳියන් අතර බැඳියාව වන්නට හැකිය..

යන්ත්‍ර වගේ ඉන්න මිනිස්සුන්ට කිසිකෙනෙක් ඡන්දය දෙන්නේ නැතිය.

බඩගින්නේ උනත් ඡන්දය දෙන්නට නම් පොඩි ආකර්ශනයක් තියෙන්නට ඔිනෑය..

මහින්දගේ තිබුණු සෙල්ලම එයයි කියල ඡන්දය දීපු  ජනගහනයෙන්  සියයට පනස් දෙකක් තරම් වෙච්ච ලංකාවේ ගැහැණුන්ට තවමත් සවිඥානික නැතිය..

මේවාත් හිතන්නට ඔීනෑ කාරණාවන් ය...

 

 

 

#Gossip

නවතම ලිපි