SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

හෝර්ටන් තැන්න ජාතික වනෝද්‍යානය සහ ඒ ආශ්‍රිත ප්‍රදේශය ඉහළ පෙළේ සංචාරකයන්ගේ (High-end Tourism) කේන්ද්‍රස්ථානයක් ලෙස සංවර්ධනය කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි. 

හෝර්ටන් තැන්න ජාතික වනෝද්‍යානයේ ඊයේ (15) පෙරවරුවේ නිරීක්ෂණ චාරිකාවකට එක් වෙමින් ජනාධිපතිවරයා මේ බව පවසා ඇත. 

 

horton 3

 

 

හෝර්ටන් තැන්න ජාතික වනෝද්‍යානයේ අඩවි කාර්යාලය වෙත පැමිණි ජනාධිපතිවරයා එහි තැන්පත් කර ඇති විශේෂ අමුත්තන්ගේ පොතේ සමරු සටහනක් ද තැබූ අතර අනතුරුව ඔහිය මාර්ගය ඔස්සේ වනෝද්‍යානයේ නිරීක්ෂණ චාරිකාවකට ද  එක්ව ඇත.

 

horton2

 

 

හෝර්ටන් තැන්න ජාතික වනෝද්‍යානය ආශ්‍රිතව වනජීවී දෙපාර්තමේන්තුවට සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් භූමි ප්‍රදේශ ද මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ සිතියම් මූලාශ්‍රයෙන් නිරීක්ෂණය කළ අතර හෝර්ටන් තැන්න ජාතික වනෝද්‍යානය සහ එහි පේරක කලාපයට අයත් සියලු ඉඩම් එක් සිතියමකට සිතියම්ගත කර කඩිනමින් තමා වෙත ලැබීමට සලස්වන ලෙස නිලධාරීන්ට උපදෙස් දී තිබේ.

 

 

ප්‍රතිපත්තිමය ගිවිසුම් සැබෑ ගිවිසුම් බවට පත්කිරීම -

 

IMF දෙවන ණය වාරිකය අනුමත වීම ජයග්‍රහණයක් ලෙස සලකන ලංකාව සම්බන්ධයෙන් මීළඟ කඩඉම සඳහන් කර ඇත.

 

 

ඒ ලංකාව සඳහා ලබන වසරේ  පළමු භාගය අවසානයේ අවසන් කිරීමට අපේක්ෂිත විස්තීරණ අරමුදල් පහසුකම (EFF) පිළිබඳ දෙවන සමාලෝචනයට පෙර ලංකාව සිය නිල සහ පෞද්ගලික ණය හිමියන් සමඟ ගිවිසුම්වලට එළඹිය යුතුයැයි  IMF ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් පවසා තිබීමයි.

 

 

ප්‍රතිපත්තිමය වශයෙන් ණයහිමියන් සමඟ ඇති කර ගෙන ඇති ගිවිසුම් දෙවැනි සමාලෝචනයට පෙර සැබෑ ගිවිසුම් බවට පත් කළ යුතු බව ඔහු පවසා ඇත.

නවතම ලිපි