SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

එක්සත් ජනරජ පෙරමුණේ නායක පාඨලී චම්පික රණවක සහ හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග පහුගියදා හමුවෙලා තියෙනවා..ලු.

ඒ ආරම්භ කිරීමට නියමිත සන්දානය ගැන වැඩිදුර සාකච්ඡාවක් සඳහාලු..

 

මේ සන්ධානය හිතනවට වඩා දුරදිග ගිය, පක්ෂ කණ්ඩායම් ගණනාවක් එකතු වෙච්ච එකක් කියලයි රහස්‍ය තොරතුරු හරහා අපිට අහන්නට ලැබුණේ.

 

හදිසියේම මේ සාකච්ඡාවට පාඨලී ඇතුළු කිහිප දෙනෙක්  ගිහින් තිබුණේ එක්වූ සන්ධානයේ නායකත්වය හිටපු ජනාධිපතිනියට බාරගන්න කියන්නත් එක්කලු.

 

“මැඩම් මේ වැඩේ බාරගෙන ගෙනියන්න. මේ වෙලාවෙ ඒක තමයි හොඳම දේ” කෙනෙක් කියල.

“නැහැ.. මාව  මේකෙ නායකය  කරන්න එපා.. දැන් අපි එක්ක එකතු වුනු පක්ෂ නායකයොන්ගෙන් මේකෙ නායකත්ව මණ්ඩලයක් මුලින් හදල ඒ විදිහට වැඩ ටික කරගෙන යමු දැනට”.

ඉන් පස්සෙ කට්ටියම එකතුවෙලා මහලේකම් කෙනෙක්, ජාතික සංවිධායක කෙනෙක්ව යෝජනා කරගනිමු" චබකු කිව්වලු..

 

 

කොහොම උනත් මේ වෙද්දි ශ්‍රිලනිපයේ බලයත් හිටපු ජනාධිපතිනියට එන පාටක්ලු පේන්න තියෙන්නෙ..

දැනටත් පාඨලීල හදන සන්දානෙට ශ්‍රිලනිප වැඩි පිරිසක් එකතු වෙලා ලු.

අඩියටම වැටුනු ශ්‍රිලනිපය ගොඩදාගන්න චන්ද්‍රිකාට කතාකළාට මෛත්‍රී ලොක්කගෙ නම් මේකට මනාපයක් නැතිලු.

ඒත් හිටපු මහලේකම් දයාසිරි නම් මැඩම් චන්ද්‍රිකා ආයෙ පක්ෂෙට එනවට කැමැත්තෙන්ලු ඉන්නෙ..

“පක්ෂයේ නායකත්ව බලතල මට ඔින..

නැතුව වැඩකරන්න බෑ මේ පක්ෂයෙ...”

චබකු ශ්‍රිලනිපයෙ කට්ටියට එහෙම කියල තියෙනවලු.

 

 

මේ වෙද්දි පාටලීලගෙ සන්දානගතවීමට නිදහස ජනතා සභාවත් සාකච්ඡා කරපු හින්ඳ ජීඇල් ලොක්කයි ගොඩහේවයි සජබයට යන්න තීරණය කරල තියෙනවලු.

සජිත් තමයිලු නිදහස ජනතා සභාව දෙකට කැඩුවෙ කියල මාධ්‍ය වාර්තාවලත් පලවෙලා තිබුණලු.

ජීඇල්ටයි, නාලකටයි  දෙන්නටම අගමැතිකම දෙන්නම් කියල සජිත් වෙන වෙනම දෙන්නට  පොරොන්දු වෙලාලු..

 

“මහාචාර්යතුමාට අගමැති හීනයක් තියෙනව කියල හීනෙකින්වත් හිතුනෙ  නෑනෙ”... කියල ඩලස්ල චරිතල කිව්වෙ මේ සිද්ධියෙන් පස්සෙ කියලත් ආරංචියි...

“ඒ සෙට් එකට පිස්සු හැදිල තියෙන්නෙ...”

නිදහස ජනතා සභාවෙ  චරිතල කියල තියෙනව කියලත් ආරංචියි.

 

පොහොට්ටු පක්ෂයෙ ජ්‍යෙෂ්ටයො පිරිසකුත් දැන් දැන් මේ කියන සන්දානයට රහසේම වැඩලු.

තවමත් මැතිවරණ වර්ෂය එන්න සති කීපයක් තියෙනවා.

හොඳ හොඳ සෙල්ලම් බලාගන්න වෙන්නෙ ජනවාරි පළවෙනිදායින් පස්සෙ තමයි කියලයි සමහරු නම් කියන්නෙ..

 

ඒව ඒ විදිහට සිද්ධ වෙද්දි බදු බරයි, ජීවන බරයි උහුලගන්න බැරිව රටේ මිනිස්සු නම් බිමටම සමතලා වෙලා ඉන්නෙ..

ඒ හින්ඳ සුදු,කළු.රතු,නිල්,කොළ, දම් හැම පාටෙම  කට්ටිය ඡන්දෙ ඉල්ලන්න යන්නෙ පරිස්සමෙන් හොඳේ...

පිරිමි ටික කොහොම උනත් ගෙවල්වල ඉන්න ගැහැණුන් ඉන්නෙ දුම්මල වරම අතින් අරන් කියලයි ආරංචිය..

ටිකක් හොයලම බලන්නකෝ...

 

#Gossip

නවතම ලිපි