SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ලංකාවේ ආර්ථික වර්ධනය හා සංවර්ධනය කළ හැකි ආකාරය පිළිබඳ ජාතික සැලැස්මක් ඉදිරිපත් කරමින්

එක්සත් ජනරජ පෙරමුණේ නායක පාඨලී චම්පික රණවක ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයින් වෙත පසුගිය සතියේදී ලිපියක් යවා ඇති බව වාර්තා වේ.

 

රටේ ඉදිරි ආර්ථික සැළැස්ම පිළිබඳ ජාතික කතිකාවක් නිර්මාණය කිරීම මෙහි අරමුණ වී ඇතැයි එම පක්ෂයේ අභ්‍යන්තර ආරංචිමාර්ග අප වෙත වාර්තා කර ඇත.

ඒ සඳහා මේ වනවිට ලංකාවේ ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරකයින්ගෙන් සාධනීය ප්‍රතිචාර ලැබී ඇති බවත් එකී සැළැස්ම ක්‍රියාත්මක කළහැකි බව කෙරෙහි විශ්වාසයක් ගොඩනැගී ඇති බවත් වැඩිදුරටත් සඳහන්.

 

ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයින් වෙත මෙම මූලික දැනුවත්කිරීම සිදුකිරීමෙන් අනතුරුව ඉතා නුදුරු දිනයකදීම සියළුම ව්‍යාපාරික සමාගම් සහ ව්‍යාපාරිකයින්ගේ හමුවක් සංවිධානය කෙරෙන බවත් ජනරජ පෙරමුණේ ආරංචිමාර්ග වාර්තා කරයි.

 

කව්රු බලයට පැමිණුනද මගහැර යා නොහැකි යථාර්තයක් ලෙස ලංකාවේ ආර්ථිකය නගා සිටුවීමේ අභියෝගය මේ වනවිට ප්‍රමුඛස්ථානයට පැමිණ ඇත. ඒ වෙනුවෙන් විශ්වාසය තැබිය හැකි නායකයින් තෝරාගත යුතු බවට මේ වනවිට ආර්ථිකයට වැඩි දායකත්වයක් දක්වන ව්‍යාපාරික ප්‍රජාවේ උවමනාව වී ඇති අතර ඉදිරි දේශපාලනය පෙළ ගැසෙන්නේ මෙම ව්‍යාපාරික උනන්දුව මත පදනම්ව බවද ක්ෂේත්‍රයේ ආර්ථික විශ්ලේෂකයින්ගේ අදහස වී ඇත.

නවතම ලිපි