SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

2023 වසරත් අග්ගිහටම ඇවිත් තියෙනවා. එළැඹෙන 2024  වර්ෂය මැතිවරණ වර්ෂයක් කියල දැනටම ප්‍රකාශවෙලා ඉවරයි.

ඔන්න ඉතිං දැන් ඡන්ද පොරපිටියෙ ගේම්,ඩීල්, තනතුරු, වරප්‍රසාධ පතුරු ගහන්න පටන් අරන්.

 

මේ කියන්න යන්නෙ කව්රුත් තවම නොදන්නා උණු උණුවේ ගොසිප් එකක්. ඉතිං අහගන්නකො.

 

සජිත් රනිල් දීගයකට දෙමළ මුස්ලිම් ජනවර්ගවල පක්ෂ නායකයො උත්සාහ ගනිද්දි ඔන්න සජිත් ලොක්ක තව ගේමකට ඇවිත්.

 

ලබන සතිය වෙද්දි පොහොට්ටුවේ හිටපු සභාපති, නිදහස ජනතා සභාවෙ මහ ලේකම්  ජී එල් පීරිස් උන්නැහේ සජබට එකතු වෙන්න ලැහැස්තියි කියල අපිට විශ්වාස කටයුතු ආරංචිමාර්ග වලින් වාර්තා වෙනවා.

ජී ඇල් උන්නැහේ විතරක් නෙවෙයි. ආණ්ඩු පක්ෂයේ ටිරාන් අලස්, නිදහස ජනතා සභාවේ නාලක ගොඩහේවාත් ලබන සතිය වෙද්දි  සජිත් එක්ක එකතු වෙනව කියල තමයි අපිට ආරංචි වෙන්නෙ.

 

ආරංචිය එහෙම උනත් වැඩියෙන්ම වැදගත් වෙන්නෙ මොකක්ද දන්නවද?

 

 

සජිත් ලොක්ක එයාගෙ තනතුරු, වරප්‍රසාධ මැජික් මල්ලෙන් ජී ඇල් ලොක්කට අගමැතිකම දෙන්න පොරොන්දු උනාලු.

මුලින් ජනාධිපතිවරණය ඇවිත් සජිත් උන්නැහේ ජනාධිපති වෙලා පිහිටුවන ආණ්ඩුවේ අගමැති තමයි පොහොට්ටුවේ හිටපු සභාපති ජීඇල් ලොක්කා.

කොහොමද ඒක?

 

 

වැඩේ කියන්නෙ ඔිකටත් නෙවෙයි...

 

මේ වෙද්දි සජිත් ප්‍රේමදාස උන්නැහේ එයා පිහිටුවන ආණ්ඩුවේ අගමැතිකමට තවත් දෙන්නෙකුට පොරොන්දු දීලලු තියෙන්නෙ.

 

ඒ රංජිත් මද්දුමබණ්ඩාරටයි, නාලක ගොඩහේවාටයිලු.

 

අපි ඉතිං ඔය සජිත් උන්නැහේගේ තනතුරු මල්ල ගැන දන්න හින්ඳ ඒ ගැන කතා නොකර ඉමු...

 

 

ඒත් කතාකරන්න ඔින කාරණය තමයි ජීඇල් කියන්නෙ අන්තිම මොහොත දක්වාම රාජපක්ෂල එක්ක ඉඳල, තියෙන තරමක් රාජපක්ෂලගෙ රෙදි අපුල්ලපු කෙනෙක් කියන එක. කට්ටියට අමතක උනොත් කියලයි අපේ ගොසිප් අස්සෙ ඒක මතක් කෙරුවෙ. රාජපක්සලාට නිතර බැන වදින සජිත්ටත් ඒක අමතක උනානේ අප්පා...

 

 

ඔිකත් මොකක්ද ඉතිං.. ඩලස්ලටත් ඒක අමතක වෙලාදෝ කොහේද ආයෙම වටයකින් එයාල‌ හදාගනිපු පක්ෂෙටත් අරගෙන ලොකුම තනතුරක් බාර දුන්නේ...

කොහොමද හාගනිපු හාගැනිල්ල නේද?

 

 

ජීඇල්ට කියල මීළඟට හාගන්නේ සජිත් උන්නැහේද?

 

 

බලන් ඉමු..ගිහින් එන්නම් හොඳේ...

 

 

#Gossip

නවතම ලිපි