SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

සමගි ජන බලවේගය (SJB) සමග එක්ව සිටින සුළුතර පක්ෂ වන ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය (SLMC) සහ දෙමළ ප්‍රගතිශීලී සන්ධානයේ (TPA) සාමාජිකයින්

ඉදිරි මැතිවරණ ඉලක්ක කර ගනිමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමඟ සාකච්ඡා කරන්නට සූදානම් නැති බව සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයා  පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කිරීමෙන් පසු කලකිරීමට පත්ව ඇතැයි තතුදත් ආරංචි මාර්ග පවසයි.

 

ඇතැම් SJB මන්ත්‍රීවරුන්ගේ ද  සහාය යටතේ මෙම SJB- UNP පක්ෂ දෙක අතර  ලබන වසරේ පැවැත්වීමට නියමිත මැතිවරණයට මුහුණ දීම සඳහා සන්ධානයක් ඇති කර ගැනීමට ඔවුන්  දැඩි උත්සාහයක් ගෙන ඇත.

 

ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජන බලවේගයට (NPP) සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට එරෙහිව ප්‍රබල බලවේගයක් ලෙස මැතිවරණයට තරග කිරීමට එවැනි එකමුතුවක් අවශ්‍ය බව මෙම පක්ෂ සහ සමහර SJB ජ්‍යෙෂ්ඨයින් ද  විශ්වාස කරන බව ඒ පිළිබඳ විශ්වාසදායක ආරංචිමාර්ග වලින් කියැවී ඇත.

 

කෙසේ වෙතත්, ඊට එරෙහිව සජිත් ප්‍රේමදාස පාර්ලිමේන්තුවේදී  විවෘතව කළ ප්‍රකාශය ඔවුන්ගේ උත්සාහය අසාර්ථක ව්‍යායාමයක් බවට පත්කරන්නක් වී ඇත.

 

ලබන වසරේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය ඉලක්ක කර ගනිමින් ප්‍රධාන ධාරාවේ දේශපාලන බලවේග උපාය මාර්ග සකස් කිරීමට පටන් ගෙන තිබේ. SJB ජ්‍යෙෂ්ඨයින් පිරිසක් සහ පක්ෂයේ සුළුතර පක්ෂවල  හිතවතුන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතහැර ජනාධිපතිවරයා තමුන් සමඟ සන්ධානගත වනවාට කැමැත්තක් දක්වන බව වාර්තා වේ.

 

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ලබන වසරේ ඔක්තෝම්බර් මාසයට පෙර මැතිවරණය පැවැත්විය යුතුයි. SJB නායක සජිත් ප්‍රේමදාස මැතිවරණයට ඉදිරිපත් වීමට කැමැත්ත පළ කර ඇති අතර  NPP නායක අනුර කුමාර දිසානායක ද තරග වැදීමට අපේක්ෂා කරන තවත් අපේක්‍ෂකයෙකි.

නවතම ලිපි