SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

පසුගිය 04 වනදා කාන්තා හා ළමා අමාත්‍යංශ වැය ශීර්ෂය මගින් ප්‍රතිපාදන කපාහැරීමට විරෝධය පළකරමින් ජාතික ජන බලවේගයේ කාන්තාවන් විසින් පාර්ලිමේන්තු වටරවුම අසළදී පැවැත්වූ උද්ඝෝෂණයට පොලිසිය විසින් බාධා කිරීම නිසා

මූලික මිනිස් අයිතිවාසිකම් කඩවූ බවට ප්‍රකාශයට පත් කරන ලෙස ඉල්ලා ජාතික ජන බලවේගය විසින් අද (15) දින පෙ.ව. 11.30ට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කිරීමට නියමිතය.

 

 

එම පෙත්සම පවරනු ලබන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරියගේ මූලිකත්වයෙනි.

 

පසුගිය 14 දා සාමකාමී උද්ඝෝෂණයක් අවසන් කර විසිර යාමට සූදානම් මොහොතේ  ජල ප්‍රහාරක යන්ත්‍ර  යොදාගනිමින් කාන්තාවන් අසීරුතාවට පත්කළ බව ද එදින පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කරමින් හරිනි අමරසූරිය මන්ත්‍රීවරිය කියා සිටියාය.

 

කෙසේ වුවද වර්තමාන වැඩබලන පොලිස්පතිවරයා පසුගිය දිනකදීද මාධ්‍ය වෙත  කියා තිබුණේ ජනතාවගේ සාමකාමීව විරෝධතාවන් දැක්වීමට ඇති අයිතියට  මැදිහත්වීමක්  බාධා නොකරන බවය.

නවතම ලිපි