SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

මිරිහාන පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් හිටපු හමුදා සෙබළකු නීතියට පටහැනිව අත්අඩංගුවට ගෙන අමානුෂික වද බන්ධනයට ලක් කිරීමෙන්

ඔහුගේ මූලික අයිතිවාසිකම් කඩවී ඇතැයි තීන්දු කළ ශ්‍රේෂ්ඨාධිකරණය ඊට වගකිවයුතු එවකට මිරිහාන ප්‍රදේශයභාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී වත්මන් වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඇතුළු පොලිස් නිලධාරින් තිදෙනකුට පෞද්ගලික මුදලින් රුපියල් ලක්ෂ පහ බැගින් හමුදා සෙබළාට ගෙවන ලෙසට නියෝග කළේය.

 

 

ඊට අමතරව රුපියල් ලක්‍ෂයක වන්දි මුදලක් පෙත්සම්කාර හමුදා සෙබළාට ගෙවන ලෙස ද රජයට නියෝග කළේය.මෙම තීන්දුවේ පිටපතක් නීතිපතිවරයාට සහ ජාතික පොලිස් කොමිසමට යවන ලෙස ද ශ්‍රේෂ්ඨාධිකරණ රෙජිස්ට්‍රාර්වරයාට අධිකරණයෙන් නියෝග කෙරිණ.

 

 

මිල්ලව රංජිත් සුමංගල මහතා විසින් ගොනුකොට තිබූ මෙම නඩුවේ වග උත්තරකරුවන් ලෙස මිරිහාන පොලිසියේ පොලිස් නිලධාරී බණ්ඩාර, හදිසි ඒකකයේ ස්ථානාධිපති භාතිය ජයසිංහ, පාදුක්ක ප්‍රදේශයේ පදිංචි අජිත් වනසුන්දර එවකට එම ප්‍රදේශය භාරව සිටි ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි දේශබන්දු තෙන්නකෝන් මහත්වරුන් ඇතුළු පිරිසක් නම් කරනු ලැබ සිටිති.

කුමුදුනි වික්‍රමසිංහ සහ ප්‍රියන්ත ප්‍රනාන්දු විසනිසුරුවරුන්ගේ එකඟත්වයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එස්.තුරෙයිරාජා මහතා විසින් ප්‍රකාශයට පත් කරන ලද තීන්දුවේ මෙසේ සඳහන්ය.

 

 

පෙත්සම්කරු යුද හමුදාවේ හිටපු සෙබළෙකි 2010 වසරේ දෙසැම්බර් 18 වැනිදා මිරිහාන පොලිසියේ පොලිස් නිලධාරින් පිරිසක් ත්‍රීවීල් රථයකින් පැමිණ පෙත්සම්කරුව අත්අඩංගුවට ගෙන ප්‍රදේශයේ කනත්තක් වෙත රැගෙන ගොස් ඇත.

එහිදී හමුදාවෙන් රැගෙන ආ ආයුධ සම්බන්ධයෙනුත් විවිධ සොරකම් සම්බන්ධයෙනුත් ප්‍රශ්න කර ඇත. මිරිස් ගෝනියක් ඔලුවේ දමා පහර දෙමින් පෙත්සම්කරුගෙන් මෙම ප්‍රශ්න කිරීම සිදුකර ඇත.

 

 

පසුව මිරිහාන පොලිස් ස්ථානයට පෙත්සම්කරු රැගෙන ඇවිත් ඇති අතර එවකට ප්‍රදේශයේ භාරව සිටි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා ලෙස කටයුතු කළ දේශබන්දු තෙන්නකෝන් මහතා පැමිණ පෙත්සම්කරුව නිරුවත් කර ඔහුගේ ලිංගේන්ද්‍රයට සිද්ධාලේප ආලේප කරන ලෙසටද නියෝග කොට ඇත.

 

 

 

@Lankadeepa

නවතම ලිපි